නලින් අකිලව පතුරු අරියි

nalin hewage

2025 අය-වැය කාරක සභා අවස්ථා විවාදයේදී ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ මැති – ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා)  සෑහෙන වාද විවාදවල පැටලුනි.පසුගිය කාලයේ වැඩගැන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මෙසේ කීය.

එහා පැත්තේ විපක්ෂෙ අය කියනවා අධ්‍යාපනයට වැඩිම මුදල දුන්නේ එයාලගේ ආණ්ඩු කාලෙලු. ඒවා පට්ටපල් කෙබර බොරු. අකිල විරාජ් කරපුවා. මම කියන්නම්. 2010න් පස්සේ අවුරුදු 16කට පස්සේ අධ්‍යාපනයට වෙන් කරන ලද වැඩිම මුදල වෙන් කරේ මේ අවුරුද්දේ මේ ආණ්ඩුවයි. මම ඒ වාර්තාව සභාගත කරනවා. ඒ නිසා දැනගෙන කතා කරන්න. මහ බැංකු වාර්තාව තුළ ඒ කරුණු තිබෙනවා. පොහොට්ටුවේ මන්ත්‍රිලා උදේ කතා කළා අධ්‍යාපනය ගැන. අධ්‍යාපනයට 1994 වෙන් කරලා තිබෙනවා දළ ජාතික නිෂ්පාදනයෙන් 3.6ක්. 2006 ඒක 2.90යි. 2012 ඒක 1.86යි. 2014 ඒක 1.82යි. මෙන්න මෙහෙමයි එයාල වැඩ කරේ.

ඊට පස්සේ යූ.එන්.පී. එකේ අය කියනවා. අපේ කාලෙ තමයිලු අධ්‍යාපනය හොඳම. 2015 අධ්‍යාපනයට වියදම් කළේ 2.01යි අකිල මහත්තයල, සජිත් මහත්තයල කතා කරන මහලොකු කතාවලට මේ කියන්නේ. 2015 වියදම් කරනවා. 2.1ක්. 2019 බැහැල යනකොට 1.93යි. එහෙමයි එයාල අධ්‍යාපනය කැපුවේ, දරුවන්ගේ අධ්‍යාපන වියදම් කපනකොට අත ඉස්සුවා. එහෙම අය දැන් අධ්‍යාපනය  ගැන කතා කරනවා. අපි එද්දී අධ්‍යාපනයට වියදම් කරේ 1.78යි. 2024දී 2025දි වියදම් කරනවා. 1.94ක් 2026 අපි වියදම් කරනවා 2.04ක්. මේ අවුරුදු 2කට අපි 6%ක් වෙන් කරනවා කියලා අධ්‍යාපනය වෙනුවෙන් කිව්වා තමයි. නමුත් අපි ඒක අවුරුද්දෙන් කරනවා කියලා කිව්වේ නැහැ. අපිට මේ කියන අය හොඳ භාණ්ඩාගාරයක් දුන්න නම් ඒක අපිට කරන්න තිබුණා. නමුත් එහෙම එකක් කරේ නැහැ මෙයාලා. නමුත් අපි පියවරෙන් පියවර තියලා ඉදිරියට යනවා. මේ අය විනාශ කරපු රට අපි හදනවා.