නාමල් මාතරයි ගාල්ලයි අල්ලයි.

611632297 1431081461720920 5918458498980184509 n

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් ආසන කැඳවුම්කරුවන් වෙත පත්වීම් ලිපි ලබාදීම ඊයේ (07) දින බත්තරමුල්ල, නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.ඒ අනුව ආසන කැඳවුම්කරුවන් ලෙස,හක්මන – ලක්මාලී සුභාෂිණි බුලේගොඩ,දෙවුන්දර – සුජීව වෙදගේ,වැලිගම – සුසන්ත ජයලත්ක,ඹුරුපිටිය – කීර්ති විජයවංශ,දෙනියාය – රුවන් ජයසිංහ යන අය පත්වීම් ලිපි ලබා ගන්නා ලදී.එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් වෙත පත්වීම් ලිපි ලබාදීමද සිදුවිය.

අනුව ආසන සංවිධායකවරුන් ලෙස,

හිනිඳුම – චම්ලි පද්මලාල්

බලපිටිය – ආරියවංශ සම්මු

– චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස්

කරන්දෙනිය- නිමල් බන්දු සුබසිංහ

ගාල්ල – තිසර ගුණසිංහ

යන අය පත්වීම් ලිපි ලබා ගන්නා ලදී. අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, මාතර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන , හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන,ගාල්ල දිස්ත්‍රික් නායක හිටපු රාජ්‍ය අමාත්‍ය, නීතිඥ මොහාන් පී. ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ යන අය සහභාගී විය.