දිල්ලි විශ්ව විද්‍යාලයට අගමැති හරිණි අමරසූරියගේ නමින් පර්යේෂණ විද්‍යාගාරයක්

Harini Amarasuriya Social & Ethnographic Research Lab

නවදිල්ලියේ හි පිහිටි Hindu College විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මහත්මියගේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සැමරීම සඳහා (Harini Amarasuriya Social & Ethnographic Research Lab) නමින් නව පර්යේෂණ මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා.

articles2ftmbjuhcllv10eoium4kv

මෙම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කළ අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය මේ වන විට ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටිනවා.

සමාජ විද්‍යාව සහ ජනවාර්ගික විද්‍යා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විද්වතුන්ගෙන් කෙනෙකු ලෙස හඳුනාගෙන සිටින හරිණි අමරසූරිය මහත්මිගේ ශාස්ත්‍රීය දායකත්වය සහ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විශිෂ්ට සේවය අගය කරමින් ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලය විසින් මෙම විශේෂ ගෞරවය ලබා දී තිබෙනවා.

Harini Amarasuriya Social & Ethnographic Research Lab

මෙම පර්යේෂණ විද්‍යාගාරය සමාජ විද්‍යාව සහ ජනවාර්ගික පර්යේෂණ ක්ෂේත්‍රයේ අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කෙරෙන අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශාස්ත්‍රීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙය දායක වනු ඇත.