ඊයේ [දෙසැම්බර් 11] සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට ගොස් සිටින බව සපුගස්කන්ද පොලිසිය පවසයි.
අනතුරට අදාළ වාහන තුනක් පොලිස් භාරයට ගෙන ඇති බවත්මේ වන විට සිව් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ගත් උත්සහය අසාර්ථක වූ බවත් අද (දෙසැ: 12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසීය.
මේ ගැන පෙර පුවත https://salakuna.lk/breaking-newsashoka-ranwala/