දිගින් දිගටම ඊශ්‍රායල හමුදා වෙඩි තැබීම් වලින් ගාසා තීරයේ දුසිම් ගනනක් ජීවිත අහිමි වෙමින් පවත
ගාසා තිරයේ මාධ්‍ය කාර්යාලය පවසන පරිදි, ඔක්තෝබර් 10 වනදා සටන් විරාමය ආරම්භ වූ දා සිට ඊශ්‍රායල හමුදා විසින් නීති උල්ලංඝනය කිරීම් 80ක් සිදු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 97 දෙනෙකු මිය ගොස් තවත් 230 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඊශ්‍රායල හමුදාව දකුණු ගාසාවේදී තම සොල්දාදුවන් දෙදෙනෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා කළ නමුත්, සිද්ධිය පිළිබඳ කිසිදු සත්‍ය තොරතුරක් මේ වන විටත් සපයා නොමැත.
ඊශ්‍රායලය විසින් ආපසු භාර දුන් මළ සිරුරු හඳුනා ගැනීම සඳහා DNA පරීක්ෂණ උපකරණ අවශ්‍ය බව හමාස් සංවිධානය ඉල්ලා ඇති අතර, පලස්තීනයට ලබා දී ඇති සමහර සිරුරුවල වධහිංසා පැමිණවීමේ සලකුණු දක්නට ලැබෙන බව නිලධාරීන් වාර්තා කර ඇත.
සටන් විරාමය ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීමට සහ ගිවිසුමේ දෙවන අදියර සඳහා වන සාකච්ඡා වලට සහභාගී වීම සඳහා හමාස් නියෝජිත පිරිසක් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ තිබේ.