විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසකට අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක, රෝහල්වලට හිඟ උපකරණ ලබාදීමේ “හුස්ම” වැඩසටහන යටතේ අද(18) අනුරාධපුර, කැබිතිගොල්ලෑව මුලික රෝහලට රුපියල් ලක්ෂ 39ක් වටිනා උපකරණ ලබා දී තිබෙනවා.
පසුගියදා කැබිතිගොල්ලෑව පොළ භුමියේ දී පැවති “ගමින් ගමට දොරින් දොරට” විපක්ෂ නායකවරයා සහබාගී වූ අවස්ථාවේ එම ප්‍රදේශයේ ජනතාව විපක්ෂ නායකවරයාගෙන් ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව මෙම උපකරණ ලබාදීමට කටයුතු සිදුකරන ලදී.