පාස්කු ප්‍රහාරය, කොවිඩ්, රට බංකොලොත් වීම, දිට්වා සුළි කුණාටුවත් එක්ක වසර 7ක් තුළ 4 වැනි ඛේදවාචකය ලෙස මෙය හැඳින්විය හැකි බවත් මේ නිසා පවුල් 437,507ක් සහ පුද්ගලයින් 1558919ක් විපතට පත්ව ඇති බවත් මරණ 465ක් සිදුව 366ක් අතුරුදන් වූ පූර්ණ හානි නිවෙස් 783ක් මෙන්ම අර්ධ හානි නිවෙස් 31417ක් ඇති බවත් මීට අමතරව කදවුරු 1433ක පවුල් 61875ක පුද්ගලයන් 232752ක් මේ මොහොතේ විපතට පත්ව ඇති බවත් මේ ආපදාවට පත්වූ සියලු දෙනාට ජීවිත දේපල අහිමිව ජීවනෝපය අහිමිව අවතැන් වූ අනාථ වූ සියලු දෙනාට සිය ශෝකය පුදකරන බවත් මොවුන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
හදීසි නීතිය උපයෝගී කර ගෙන ප්රජාතන්ත්රවාදය හකුලන වැඩපිළිවෙළකට නම් ඉඩ දිය නොහැකි බවත් හදිසි අවස්ථා ඇති කළේ ජනතාවට සහාය දෙන්න මිස මාධ්‍ය මර්ධනය කරන්න නොවන බවත් නීතිය හා සාමය ක්ෂේත්රය භාර ඇමතිවරු මෙවැනි ප්‍රකාශ කරන බවත් මේ හදිසි නීතිය ගෙන ආවේ ප්රජාතන්ත්රවාදය හකුලන්න නොව ජනතාවට සහන සලසන්න බවත් අද වන විට මේ හරහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වන බවත් මේ මර්දන රජය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.