සජිත් දිල්ලි ගිහින්

Opposition Leader Sajith visits India

ඉන්දීය රජය විසින් මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවරට නිල වශයෙන් ආරාධනා කර ඇත.

දින තුනක ඉන්දීය නිල සංචාරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර, එම සංචාරයේදී ඔහු ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව ඇත.

මෙම සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාවය සහ ශක්තිමත් සබඳතා අනුගමනය කරන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා සජිත් මහතාගේ කැපවීම පිළිබඳව මින් පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රශංසා කළේය.

පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයක නිරත වූ අතර එම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පැවති හමුව අතරතුර විපක්ෂ නායක විසින් ඉන්දීය අගමැතිට සිහිවටනයක් තිළිණ කළේය.

sajith modi 1 750x375 1

එය එක් ඇසක පෙනීම අහිමි වූ කොටියෙකුගේ රුවක් සහිත ඡායාරූපයක් වූ අතර එහි ඇති සැඟවුණු කතාව පිළිබඳව සජිත් ප්‍රේමදාස සිය සමාජ මාධ්‍ය ජාලාවන්හි සටහනක් යොදා තිබුණි.

උපුටා ගැනීම

“විල්පත්තු ජාතික උද්‍යානයේ එක් ඇසක පෙනීම නැති අයි-වන් (eye-one) වශයෙන් හදුන්වන ගැහැණු දිවියෙකුගේ (female Sri Lankan Leopard: Panthera pardus kotiya) මෙම විශේෂ ඡායාරූපය, 2025 අප්‍රේල් 5 වන අද දින, ඉන්දියානු අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට කොළඹදී පිළිගැන්වීමට ලැබීම ඉමහත් ගෞරවයකි.

එක් ඇසක පෙනීම අහිමි වුවද, වනාන්තරයේ අභියෝග ජයගනිමින් සාර්ථකව ජීවත් වන මෙම සුවිශේෂී සත්වයා ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමයේ සහ සෞන්දර්යයේ සැබෑ සංකේතයකි.

ඇගේ ආකර්ෂණීය නිල් ඇස අභියෝගවලට මුහුණ දෙමින් ඇයගේ පැවැත්ම පිළිබඳව දීර්ඝ කතාවක් පවසයි. සමහරවිට ග්ලූකෝමා, කැටරැක්ට්, හෝ යම් අනතුරකට භාජනය වීම නිසා ඇතිවුන තත්ත්වයකි. එහෙත් ඇය වනාන්තරයේ ආරක්ෂාකාරීව නොසැලී සිටීම වනසත්ව ලෝකයේ අභියෝග ජය ගැනීමේ සංකේතයකි.

කෙසේවුවද අවාසනාවන්ත ලෙස මෙම සුවිශේෂී සත්වයා පසුගිය වසර කිහිපයක සිටම දක්නට නොලැබුණ අතර ජීවත්ව සිටිනවාද යන්න සනාථ ගැනීමට නොහැකිව ඇත.”