වසරකින් කල් දමන ලද හය ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමව්පියන් හා පාසල් දරුවන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (16) විරෝධතාවයක නිරත වී තිබෙනවා.
2026 වසරේ 6 වසර දරුවන්ගේ දෙමව්පිය එකුමුතුව විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබෙන අතර එහිදී ඔවුන් ඉල්ලා සිටියේ ප්‍රශ්නගත 6ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය හැර සෙසු විෂයන්ට අදාළ මොඩියුල ඉගැන්වීමට පියවර ගන්නා ලෙසයි.
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවත් වසරකින් කල් දැමීම නිසා තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව එම දෙමව්පියෝ පවසති.
ඔවුහු තවදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමති සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.