ජනතාව සජිත්ට ප්‍රශ්න කියන්නෙත් ජනපති ලෙස හිතාගෙනලු…

Sajith Premadasa

රට පුරා සංචාරයක නිරතව සිටින අවස්ථාවේදී ජනතාවගේ පීඩාවන්, ගැටලු අසන විට, බොහෝ විට තමන් ජනාධිපති ලෙස හැඟෙන බවත් ජනතාවත් ජනාධිපති ලෙසම තමන් දෙස බලන බවත් විපක්ෂ නායක සාජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මාධ්‍යයට අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා පැවසුවේ, ජනතාව තම ජීවන ගැටලු හා දුක්ගැනවිලි පවසන විට, ඔවුන් බොහෝ විට තමන්ට “ජනාධිපති සාජිත් ප්‍රේමදාස” ලෙසම අදහස් පල කරන බවයි.

“ ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න කියාසිටින විට මට හිතෙනවා ඔවුන් එය කියන්නේ විපක්ෂ නායකයාට නොව, ජනාධිපති සාජිත් ප්‍රේමදාසට කියලා,” ඔහු සිනාසමින් කියා සිටියේය.

ඔහු තවදුරටත් සදහන් කළේ, තම පක්ෂය ජනතාවගේ අවශ්‍යතා මූලික කරගත් ප්‍රජාමූලක වැඩසටහන් හරහා ආර්ථික ප්‍රකෘතිමත්භාවය හා වගකිව යුතු පාලනයක් බලාපොරොත්තු වන බවයි.