වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් ඝාතනයේ වෙඩික්කරු අල්ලා ගැනීම සමාජ මාධ්‍යට මුදාහැරීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ව්ශේෂ පරීක්ෂණ ඒකකයට භාරදී තිබෙන බව වාර්තා වේ.මිට අමතරව වෙඩික්කරු, ඔහුගේ බිරිඳ සහයදුන් යතුරුපැදිකරු හා ඔහුට නවාතැන් දුන් පුද්ගලයා පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට නියෝගයක් ලබා දී තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතකයා දින දෙක තුනක් ඇතුළත නීතියේ රැහැනට හසුකර ගන්නා බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පසුගිය 23 වැනිදාය. ඒ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ද ලැබී ඇති බව ඇමැතිවරයා පැවසීය.