මේ වන විට ජාතික ව්‍යසනයක් වී තිබෙන මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සහ සමස්ත මහජන සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගත් “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඊයේ කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියා.
මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත් ව ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධයන් සිදු වන බව ද නිරීක්ෂණය කරනු ලැබ ඇති බව රජය පවසයි, ඒ පිළිබඳව ජනාධිපතිවරයා පසුගිය දා පවතී රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ සාකච්ඡාවේ දී ද අවධාරණය කරමින් කියා සිටියා.
ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන් ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී උවදුර මුලිනුපුටා දැමීම සිදු කළ යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව පෙන්වා දෙන්නේ.