මං හිතන්නේ යන්නේ නෑ-සජබ මහලේකම්ගෙන් දෙකට දෙවාරේ උත්තරයක්

sri lanka united national party ranjith madduma bandara

හෙට නුගේගොඩදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩු විරෝධී රැලියට සහභාගී වනවාද නැද්ද යන්න වාර්තාකරුවන් විමසූ අවස්ථාවේදී,මගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර “දැනට මං හිතන්නේ යැවෙන එකක් නෑ‘කියා අවිනිෂ්චිත පිළිතුරක් දුන්නේය.

ඒ වෙනුවට ඔහු සඳහන් කරන්නේ, “හුඟක් දුරට අපි ඉදිරියේදී බලනවා එක්කහු වෙන්නේ කොහොමද කියලා…දැනට මම හිතන්නේ අපි යැවෙන එකක් නෑ” යනුවෙනි.

එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට සහභාගී වුවද, එජාපය කරන සෑම දෙයක්ම සමගි ජන බලවේගය නොකරන බවද හෙතෙම සඳහන් කළේය.