පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සම්බන්ධ රිය අනතුර අවස්ථාවේ දී ශ්වසන පරීක්ෂණයක් සිදු නොකිරීම හෝ සම්මත ක්‍රියාපටිපාටියට අනුකූලව අධිකරණ වෛද්‍ය නිලධාරියකු (JMO) වෙත සැකකරු ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වූට්ලර් පවසයි.
“සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් ජාතික සෞඛ්‍ය රෝහලට ගිහින් තිබෙනවා, එහිදී ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ඔවුන්ට නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අවස්ථාවේ ඔවුන් මත්පැන් සඳහා පරීක්ෂණයක් සිදු නොකර ඒ වෙනුවට වෛද්‍යවරයාගෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා තිබෙනවා.” යැයි සිදුවීම් අනුපිළිවෙළ පැහැදිලි කරමින් සහකාර පොලිස් අධිකාරී වූට්ලර් පැවසීය.
තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසියේ අදාළ නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය.