අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව ඇති මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින ප්‍රධාන මාර්ග සහ පාලම් ඉදිරි දින 5 තුළ තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර වාහන ධාවනයට පහසුකම් සලසා දීමට උත්සාහ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.
රාජ්‍ය පාර්ශවය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ රට පුරා ප්‍රධාන පාරවල් 256ක් පාලම් 15කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට හානි වී ඇති බවයි.
මේ වනවිටත් එම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ සේවකයන් විසින් ආරම්භ කරන ඇති බවද විමල් කණ්ඩම්බි මහතා පැවැසීය.