මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ස්වභාවික විපතේ පළමු අදියරට ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරිසක් මුහුණ දී අවසන්. එහි දෙවන අදියර පටන් ගන්නේ සුළි සුළග නතර වී ගංවතුරත් බැසගිය පසුවයි. ස්වභාවික විපත ඔස්සේ නිර්මාණය වන දෙවන අභියෝගය ආර්ථීක පසුබෑමයි. මෙම පසුබෑමෙන් ගොඩඒමට නම් අනිවාර්යයෙන්ම රටේ ජනතාවට මානසික රටාව වර්ධනයට සහ උපක්රමික සංවර්ධනයට (Mindset & Strategies) ආධාර ලබාදිය යුතුමයි.

අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාව යථාතත්වයට පත්වේවි. නමුත් අවශ්‍ය වන්නේ වර්ධනය වෙන්න අවශ්‍ය ශක්තින් සමග පෙර සිටියාටත් වඩා විශිෂ්ටව යථා තත්ත්වයට පත්වීමයි. ඕනෑම විපතකින්, පසුබැසීමකින් සහ සංකීර්ණතාවයකින් පසුව පැමිණෙන අදියරට වඩාත් හැගීම්බර නොවන තාර්කික මානසිකත්වයකින් මුහුණදීම අවශ්‍යයයි . ඊට මුහුණ දීමේ හැකියාව අප වර්ධනය කරගත යුතුයි. මේ සඳහා පහත ප්‍රබල ක්‍රමවේද භාවිත කළ හැකියි
සියල්ල වෙනස් කරන්න හෝ පාලනය කරන්න ඉක්මන් වෙන්න එපා
ස්වභාවික විපත අපගේ සියලු සැලසුම් සහ සම්පත් විනාශ කරලා ඇති. නමුත් ඔබගේ සිහිනය සහ දැක්ම විනාශ කරන්න කිසිම දෙයකට බැහැ. ඔබට ඉතා ඉක්මනින් හැමදේම යථාතත්ත්වයට පත්කරන්න හිතෙයි. ඒ වගේම තවත් සමහර දේවල් පාලනය කරන්න හිතෙයි. නමුත් එහෙම සීතිම ඔබගේ ආතතිය වැඩි කරනවා. සියල්ල තිබුණාටත් වඩා හොඳට තත්ත්වයට පත්වෙයි. නමුත් කිසියම් කාලයක් යයි කියන තහවුරුව මොළයට දෙන්න. යථා තත්ත්වයට ඉක්මනින් පත්වෙන්නේ පවතින තත්ත්වය ඉක්මනින්ම පිළිගන්නා පිරිසයි. ඔබ ඔබගේ මොළය ඇත්ත තත්ත්වයෙන් පොෂණය කරද්දි එහි තාර්කිකභාවය වැඩි වෙනවා .මොකද මේ මොහොතේ Wishfull Thinking එකට වඩා Logical Thinking අවශ්‍යයයි.

සිද්ධ වෙන්න පුළුවන් ඝෘනාත්මක උපකල්පන වෙනුවට සිදුවෙන ධනාත්මක වෙනස්කම් වෙතට අවධානය යොමු කරන්න
ව්‍යසනයක් ඇති වුණ සැනින් සැකය මූලික කරගත් සත්වයෙක් වන මිනිසාට අනාගතය පිළිබඳ ඝෘනාත්මක උපකල්පන (Assumptions) ඇතිවීම සාමාන්‍ය දෙයක්. “ආහාර නැති වෙයි”, “ රජය වෙනස් වෙයි”, “ තවත් නායයෑමක් වෙයි” මෙන්න මේ වගේ උපකල්පන වැස්සක් ඔයාගේ හිතට එන්න දෙන්න එපා. සිදුවෙන ධනාත්මක පුංචි හෝ වෙනසක් වෙතට අවධානය යොමු කරන්න. එවිට ඔබගේ Fearful Brain activities වෙනුවට Logical Brain actitivies ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. බය ඔබව සීමා කරන අතර විභාවතාවය ඔබගේ සීමාවන් පුළුල් කරනවා. මෙවැනි තත්ත්වයන්වලදී අපව වැඩිපුරම සීමා කරන්නේ ඇත්තට වඩා උපකල්පනයි. එමනිසා ඝෘනාත්මක උපකල්පනවලින් ප්‍රවේශම් වෙන්න.
1%ක ක්‍රියාත්මක වීම ඉතා ඉක්මනින් කරන්න.

ක්‍රියාත්මකවීම පසුපසට දාන්න එපා. ඔබගේ වෘත්තීය සහ ව්‍යාපාර කටයුතු පටන් ගන්න සියල්ල යහපත් වෙනතුරු ඉන්න එපා. 1% ක ක්‍රියාත්මකවීම පටන් ගන්න ක්‍රියාත්මක වෙද්දි ඔබ තුළ වු විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. ඔබගේ විශ්වාසය වැඩි වෙද්දි ප්‍රතිඵල වැඩි වෙනවා. ඊට පස්සේ වීල් කැරකෙන්න පටන් ගන්නවා.
මේ මොහොතේ මානසික සහනයක් අවශ්‍ය ඔබගේ මිතුරාට හෝ මිතුරියට මෙම අවබෝධය ලබා දෙන්න.
කැලුම් වැලිගම
පුද්ගල සංවර්ධන දේශක සහ ලේඛක