මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කළා ඔය, මැණික් ගඟ සහ මල්වතු ඔය ආශ්රිත පහත්බිම්වලට ලැබෙන අධික වාර්ෂාව හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මීට මොහොතකට පෙර එම ප්‍රදේශවලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ඒ ආශ්රිත අවදානම් ප්‍රදේශ වල ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසටයි.
ජාතික ආපදා කළමනාකරණ සභාව රෑම රැස්වෙයි



ජාතික ආපදා කළමනාකරණ සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්
රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස් විය.
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
එමෙන්ම ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී ආරක්ෂක අංශ සහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
අද පෙරවරුවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමග පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ජාවේදී ගනු ලැබූ තීන්දු තීරණ මෙන්ම ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් මේ වනවිට ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම, එහිදී මතුව ඇති ගැටලු සහ ඊට ලබාගත හැකි කඩිනම් විසදුම් පිළිබද විමසා බැලීමද මෙහිදී සිදු කෙරිණි.
එමෙන්ම වාරි මාර්ග පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව විශේෂයෙන් සාකච්ජාවට ලක් ව ඇති අතර විශාල ජල කඳක් ඒකරාශී වීමෙන් වැව් බැම්මට සහ ජලාශවල වේල්ලට එල්ල විය හැකි අධික පීඩනය නිසා ඒවා කැඩී යෑමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරමින් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගත යුතු පියවර ගන්නා ලෙසද අදාළ අංශවලට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම වෙනුවෙන් දැනට දිස්ත්‍රික්කවලට වෙන් කර ඇති මුදල් සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇති අතර දැනට වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් බව එහිදී නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
🚨 ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක (Sri Lanka)
🔴 ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC)
📞 117 – ආපදා දැනුම් දීම්, සහන, සම්බන්ධීකරණය
🔵 පොලිස් හදිසි සේවා
📞 119
⚕️ 1990 සුව සැරිය ඇම්බුලන්ස් සේවාව
📞 1990
🔥 ගිනි නිවන සේවා
📞 110
🏚️ NBRO – නායයෑම් අවදානම්
📞 011 258 8946
🌧️ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
📞 011 268 6686
⚓ නාවික හමුදා සේවාව – ගංවතුර බේරාගැනීම්
📞 011 244 5368
🪖 යුධ හමුදා – ආපදා සහන/බේරාගැනීම්
📞 113
✈️ ගුවන් හමුදා – හෙලිකොප්ටර් බේරාගැනීම
📞 116
⸻
🏢 පළාත් & දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක
- බස්නාහිර පළාත
📍 කොළඹ
📞 011 243 4028 / 077 395 7893
📍 ගම්පහ
📞 033 223 4676 / 077 395 7888
📍 කළුතර
📞 034 222 2344 / 077 395 7887
⸻
- දකුණු පළාත
📍 ගාල්ල
📞 091 224 2355 / 077 395 7889
📍 මාතර
📞 041 223 4030 / 077 395 7894
📍 හම්බන්තොට
📞 047 225 8056 / 077 395 7895
⸻
- සබරගමුව පළාත
📍 රත්නපුර
📞 045 222 5522 / 077 395 7898
📍 කෑගල්ල
📞 035 222 2843 / 077 395 7891
⸻
- වයඹ පළාත
📍 කුරුණෑගල
📞 037 222 0455 / 077 395 7892
📍 පුත්තලම
📞 032 226 5345 / 077 395 7896
⸻
- මධ්‍යම පළාත
📍 මහනුවර
📞 081 220 2875 / 077 395 7890
📍 නුවරඑළිය
📞 052 222 3448 / 077 395 7897
📍 මාතලේ
📞 066 223 0926 / 077 395 7886
⸻
- උතුරු මැද පළාත
📍 අනුරාධපුර
📞 025 222 5333 / 077 395 7883
📍 පොළොන්නරුව
📞 027 222 6676 / 077 395 7884
⸻
- ඌව පළාත
📍 බදුල්ල
📞 055 222 4434 / 077 395 7885
📍 මොනරාගල
📞 055 227 6378 / 077 395 7893