මලවට කැරකෙන බමරු ගැන රෝහිණී අනතුරු අගවයි!

rohini kawiratna

මල් වටේ කැරකෙන ගුරුවරුන් රවටපු බඹරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයට සහ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපෑම් කරන්න දෙන්න එපා යැයි සජබ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න -වැය කාරක සභා අවස්ථා විවාදයේදී පැවසීය.

‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන කතාව හැදුණේ ජාතික අධ්‍යාපන ආයතනයේ 2017 ඉඳන්.ඒ විද්‍යාත්මක ලියැවිල්ලේ පළමුවැනි පිටු තුන ඉරලා දාලා. ඉස්සර වෙලාම ඒක අවජාතක ප්‍රතිසංස්කරණයක් බවට පත් කළා. අධ්‍යාපන ඇමැතිතුමිය, ඔබතුමියගේ අමාත්‍යාංශය ඔබතුමිය කරන්න. අද මොකද වෙලා තියෙන්නේ? ගුරුවරයෙක් මාරු කරගෙන, දවසේ වැඩ ටික කරගෙන ‘වොයිස් කට්‘ එකක් දීගෙන හිටපු අවතාරවල බලපෑමට ඔබතුමී මේ අධ්‍යාපන අමාත්‍යාංශය යට කරන්න එපා. මොකද හැළිය සූපයේ රස දන්නේ නෑ වගේ.  මල් වටේ කැරකෙන ගුරුවරුන් රවටපු බඹරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයට සහ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපෑම් කරන්න දෙන්න එපා. ඔබගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ‘කාබනික වගාව 2’ තමයි.  මේ ආණ්ඩුවේ ‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෝඨාභය කාබනික වගාව කළා වගේ, විද්‍යාවක්, පිළිවෙළක්, චාරයක් නැතුව අධ්‍යාපන ප්‍රතිසංස්කර කළොත් ඒක තමයි මේ ආණ්ඩුවේ අවසානය.

අද මේ අමාත්‍යාංශය යමින් තියෙන්නේ එතැනට. දැන්වත් මේ අමාත්‍යාංශයේ ආණ්ඩුකරණය පටන් ගන්න.ඇමැතිවරයෙක් ‍විදිහට දක්ෂ නිලධාරි ටිකක් එක්ක වැඩ කරන්න පටන් ගන්න.පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂවරු, ප්‍රාඥාවන්තයන්, වෘත්තිකයන් එක්ක අවුරුදු දෙකක් එකතු වෙලා වැඩ කරන්න.

දැන් විශ්වවිද්‍යාලයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි බාහිර කථිකාචාර්යවරුට සල්ලි ගෙවා ගන්න බැරි එක.

ප්‍රථම හා විශේෂවේදී උපාධියක බාහිර කථිකාචාර්වරුන්ට පැයකට ගෙවන්නේ රු. 1,500 යි. ගමන් විදයම කි.මී. ට රු. 12.50 යි.මේවා අවුරුදු 20කට ඉස්සර දාපු  ගණන්.දැන් රු. 2,000ක සංයුක්ත දීමනාවක් ගෙවනවා.කොළඹ, කැලණිය, ජයවර්ධනපුර කැම්පස් තුන ගන්නකෝ.‍පික් මී, ඌබර්  එකක මේ විශ්වවිද්‍යාල තුන  අතරේවත් රු. 2,000කින් ගිහින් එන්න පුළුවන්ද?පැයට ගෙවන මේ සොච්චම් රු. 1,500න් 36%ක් බදු කපනවා. සංයුක්ත දීමනාවෙනුත් 36%ක් බදු කපනවා. ගාණ හදලා බලන්න මොකක්ද මේ ගෙවන හිඟන දීමනා කියලා.