ඇමෙරිකානු ප්‍රහාරය “සන්නද්ධ ආක්‍රමණයක්” – ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකට රුසියානු සහය

ඇමෙරිකානු ප්‍රහාරය

වෙනිසියුලාවට ඇමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කිරීමත්, වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මැඩූරෝ අත්අඩංගුවට ගෙන රටින් ඉවත් කිරීම පිළිබඳවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු, රුසියාව මෙම ක්‍රියාව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිදුකළ “සන්නද්ධ ආක්‍රමණයක්” (armed aggression) ලෙස හඳුන්වමින් දැඩි ලෙස හෙළා දැක තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවීමට රුසියානු සහාය

වෙනිසියුලානවේ ජනතාව සමඟ තම සහයෝගීතාව පළ කරමින් සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවීමට ද රුසියාව සහාය පළ කර තිබේ.

රුසියානු නිලධාරීන් මෙම මෙහෙයුම හඳුන්වා දී ඇත්තේ බලහත්කාරයෙන් පාලන තන්ත්‍රය වෙනස් කිරීමට (regime change) ගත් පියවරක් ලෙසයි.

අගනුවර හා ඒ ආශ්‍රිත ප්‍රාන්තවල සිදු වූ පිපිරීම් මධ්‍යයේ වෙනිසියුලාව තවමත් හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.