මට වැරදුණා-එහෙම කියා සජිත් අලුත් වටයකින් දීගෙට සැරසෙයි

articles2ftkmr1jdglxppuevoes8e

කොළඹදී අද පැවති සමග ජන බලවේගයේ නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලබාදීමේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයක් පිළිබඳව විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම තමන් භාරගන්නා බව විපක්ෂ නායකවරයා පැවසූ බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් මහලේකම්වරයා සඳහන් කළේය.පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවනු ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.

තමන් අතින් සිදුවූ වරදක් ගැනද විපක්ෂ නායකවරයා පසුතැවීමෙන් සිටි බව ජගත් විතාන මන්ත්‍රීවරයා පැවසීය.