විගණකාධිපති ‘බාලගිරිට’ හසුවුණේ කොහොමද?

d17fc27a auditor general department

විග­ණ­කා­ධි­ප­ති­ව­රයා පත් කිරීම හා ජනා­ධි­ප­ති­ව­රයා විසින් යොමු කරන ලද නම් ප්‍රති­ක්ෂේප වීම ඇතුළු කරුණු සම්බ­න්ධ­යෙන් රාජ්‍ය විග­ණන සේවා වෘත්තීය සමිති එක­මු­තුව වෙනු­වෙන් ශ්‍රී ලංකා රාජ්‍ය විග­ණන සේවා සංග­මයේ ලේකම් ටී. ආර්. ඉඹු­ල්දෙ­ණිය හා සමස්ත ලංකා රාජ්‍ය විග­ණන සේවා සංග­මයේ ලේකම් තුසිත ප්‍රේම­රත්න විසින් පළ කර ඇති ලිපි­යක් ඇසු­රෙන් මේ ලිපිය සකස් කර ඇත.

විග­ණ­කා­ධි­පති ධුරයේ සේවයේ නිය­තුව සිටි ඩබ්.පී.සී. වික්‍ර­ම­රත්න වයස අවු­රුදු 60 සම්පූර්ණ වීම මත 2025 අප්‍රේල් 8 දින විශ්‍රාම යෑමත් සමඟ විග­ණ­කා­ධි­පති තන­තුර පුර­ප්පාඩු විය. ඒ අනුව ජනා­ධි­ප­ති­ව­රයා විසින් රාජ්‍ය විග­ණන සේවයේ ‌ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විග­ණ­කා­ධි­පති ජී.එච්.ඩී. ධර්ම­පාල දින 14 ක කාල­යක් සඳහා වැඩ බැලී­මට පත් කරනු ලැබීය. පසුව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 41(ඇ) (2) ව්‍යව­ස්ථාව වග­න්තිය අනුව ව්‍යවස්ථා සභාවේ අනු­මැ­ති­යට යටත්ව, තවත් මාස­යක කාල­ය­කට – එනම්: 2025 අප්‍රේල් 23 සිට 2025 මැයි 22 දක්වා – වැඩ බැලී­මට පත් කරනු ලැබිණි. එකී කාල පරි­ච්ඡේ­දය අව­සා­නයේ වුවද ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 153 (1) වග­න්තිය අනුව අවශ්‍ය සුදු­සු­කම් සපුරා තිබුණු රාජ්‍ය විග­ණන සේවයේ නොවන අයකු විග­ණ­කා­ධි­ප­ති­ව­රයා ලෙස පත් කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා විසින් නිර්දේශ කර ව්‍යව­ස්ථා­දා­යක සභාව වෙත අනු­මැ­තිය සඳහා ඉදි­රි­පත් කළද, ව්‍යව­ස්ථා­දා­යක සභාව අනු­මත නොකි­රීම නිසා එකී පත් වීම සිදු නොවීය.

කථා­නා­ය­ක­ව­ර­යාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් ව්‍යවස්ථා සභාවේ අභි­ම­තා­නු­සාරි බලය පිළි­බඳ අපි ගරු කර­න්නෙමු. එසේ වුවද මෙතෙක් ඉති­හා­සයේ පත් වූ සියලු විග­ණ­කා­ධි­ප­ති­ව­රුන් විග­ණ­කා­ධි­පති දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් නොවුණු අතර, එලෙස බාහි­රව පත්ව ආ විග­ණ­කා­ධි­ප­ති­වරු කිහි­ප­දෙ­නෙක් ජාතික විග­ණන කාර්යා­ල­යට හා රාජ්‍ය විග­ණ­න­යට දැවැන්ත සේව­යක් සිදු කර ඇත. එබැ­වින් රාජ්‍ය විග­ණන සේව­යෙන් බාහිර පුද්ග­ල­යකු වුවද විග­ණ­කා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් පත් කිරීම මගින් විග­ණන කට­යුතු ඇතුළු විග­ණ­කා­ධි­ප­ති­ව­ර­යාගේ ව්‍යව­ස්ථා­පිත රාජ­කා­රි­යට බල­පෑ­මක් සිදු නොවේ.

විග­ණ­කා­ධි­පති තන­තු­රට පූර්ණ­කා­ලී­නව අයකු පත් කිරීම ව්‍යව­ස්ථා­දා­යක සභාව විසින් ප්‍රති­ක්ෂේප කිරී­මෙන් අන­තු­රුව ජනා­ධි­ප­ති­ව­රයා විසින් 2025 මැයි 23 දින සිට 2025 නොවැ­ම්බර් 22 දින දක්වා තවත් මාස 6ක කාල­යක් සඳහා වැඩ බැලී­මට ජී.එච්.ඩී. ධර්ම­පාල නැවත නිර්දේශ කර යවා තිබුණු අතර, ව්‍යව­ස්ථා­දා­යක සභාව විසින් එකී වැඩ බැලීමේ පත්වීම අනු­මත කර තිබිණි. එකී කාල­ප­රි­ච්ජේ­දය අව­සා­නයේ නැවත මාස 3ක කාල­යක් වැඩ බැලීම සඳහා ජී.එච්.ඩී. ධර්ම­පා­ලගේ නම ව්‍යවස්ථා සභාව වෙත ජනා­ධි­ප­ති­ව­රයා විසින් නිර්දේශ එවා තිබුණු නමුත් ව්‍යවස්ථා සභාව එකී නාම යෝජ­නාව අනු­මත කර නොති­බිණි.

එසේ වුවද ජාතික විග­ණන කාර්යා­ලයේ කට­යුතු අඩාළ වීම වැළැ­ක්වීම සඳහා ජනා­ධි­ප­ති­ව­රයා විසින් ජී.එච්.ඩී. ධර්ම­පාල දින 14ක කාල­ප­රි­ච්ඡේ­ද­යක් සඳහා විග­ණ­කා­ධි­පති තන­තුරේ නැවත වැඩ බැලී­මට පත් කර තිබිණි. එකී කාල­ප­රි­ච්ඡේ­ද­යද 2025 දෙසැ­ම්බර් 6 දින අව­සන් වීමත් සමඟ ව්‍යව­ස්ථා­නු­කූ­ලව යම් පුද්ග­ල­යකු වැඩ බැලී­මට අනු­ක්‍ර­මි­කව පත් කිරීම කළ නොහැකි බැවින් ජාතික විග­ණන කාර්යා­ලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විග­ණ­කා­ධි­පති එල්.එස්.අයි. ජය­රත්න මිය වැඩ බලන විග­ණ­කා­ධි­පති ලෙස මාස 3ක කාල­යක් සඳහා ජනා­ධි­ප­ති­ව­රයා විසින් නිර්දේශ කර අනු­මැ­තිය සඳහා ව්‍යවස්ථා සභාව වෙත යවා තිබුණු නමුත් එතු­මි­යට එරෙ­හිව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සමේ විම­ර්ශ­න­යක් හා දෙපා­ර්ත­මේන්තු විනය පරී­ක්ෂ­ණ­යක් පව­තින බවට වූ තොර­තුරු ඉදි­රි­පත් වීමක් පද­නම් කර­ගෙන ව්‍යවස්ථා සභාවේ අනු­මැ­තිය නොදුන් බවට වාර්තා වී තිබිණි.

නැවත, 2025 දෙසැ­ම්බර් 14 දින ව්‍යවස්ථා සභාව වෙත ශ්‍රී ලංකා යුද හමු­දාවේ අභ්‍ය­න්තර විග­ණන අධ්‍යක්ෂ වශ­යෙන් සේවය කළ ඕ.ආර්. රාජ­සිංහ මහ­තාගේ නම ජනා­ධි­ප­ති­ව­රයා විසින් නිර්දේශ කර යවා තිබු­ණද එකී නාම­යෝ­ජ­නා­වද හේතු නොදක්වා ව්‍යවස්ථා සභාව විසින් ප්‍රති­ක්ෂේප කර තිබිණි. ඔහුගේ නම ප්‍රති­ක්ෂේප කිරී­මට හේතු වූ කරුණු මාධ්‍ය මඟින් හෝ අනා­ව­ර­ණය නොවීය. කෙසේ වුවද, ව්‍යවස්ථා සභාව විසින් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නිර්දේශ දිගින් දිග­ටම ප්‍රති­ක්ෂේප කිරීම හේතු­වෙන් මේ වන විට විග­ණ­කා­ධි­ප­ති­ව­ර­යකු රහි­තව ජාතික විග­ණන කාර්යා­ලය පව­ත්වා­ගෙන යෑමට සිදුව තිබේ.

මේ සම්පූර්ණ ක්‍රියා­ව­ලිය තුළ විධා­ය­ක­යත්, ව්‍යව­ස්ථා­දා­ය­ක­යත්, ජාතික විග­ණන කාර්යා­ලය හා රාජ්‍ය විග­ණන සේව­යත්, පම­ණක් නොව විග­ණ­කා­ධි­පති ධුරා­පේ­ක්­ෂක­යන් පවා අප­හ­සු­තා­වට පත් කිරීමේ කුම­න්ත්‍ර­ණ­කාරි වැඩ­පි­ළි­වෙළ ජාතික විග­ණන කාර්යා­ලයේ වෘත්තිය සමි­ති­යක වසර 4ක් තිස්සේ නීති විරෝ­ධිව බලයේ රැඳී සිටින සභා­ප­ති­ව­ර­යකු හා ලේක­ම්ව­ර­යකු විසින් මෙහෙ­ය­වන බවට තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.

2022 ජන­වාරි 25 දින පව­ත්වන ලද ඉහත සඳ­හන් වෘත්තීය සමි­තියේ වාර්ෂික මහා සභා රැස්වී­මේදී වස­රක කාල­යක් සඳහා පත් වූ සභා­ප­ති­ව­රයා හා ලේක­ම්ව­රයා නැවත මහා සභා­වක් පැවැ­ත්වීම වසර 4ක් තිස්සේ මඟ හැර, තම නාය­ක­ත්වය පව­ත්වා­ගැ­නී­මට කට­යුතු කර ඇත. ඒ අනුව එම සභා­පති හා ලේකම් රාජ්‍ය විග­ණන සේවයේ විධා­යක නිල­ධා­රීන්ගේ නියෝ­ජ­න­යක් නොවන අතර, හුදෙක් තමන්ගේ ආත්මා­ර්ථය වෙනු­වෙන් කට­යුතු කරන දෙදෙ­නෙක් පමණි.

ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදි ජන­ර­ජයේ ආණු­ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව මඟින් ව්‍යව­ස්ථාව, විධා­ය­කය හා අධි­ක­ර­ණය සතු බල­තල නිර්ව­ච­නය කර සම­බර කර තිබේ. ඕනෑම රටක රාජ්‍ය පාල­න­යට එය අවශ්‍ය වේ. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 41 (ඇ) ව්‍යව­ස්ථාව අනුව විග­ණ­කා­ධි­ප­ති­ව­රයා ලෙස පත් කළ යුතු තැනැත්තා නිර්දේශ කිරීමේ බලය ජනා­ධි­ප­ති­ව­ර­යාට හිමි වේ. විග­ණ­කා­ධි­පති තන­තුර විග­ණන සේවයේ තන­තු­රක් නොවන අතර, රාජ්‍ය සේවයේ තන­තු­රක්ද නොවේ. එය ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනුව උප­ලේ­ඛ­න­ගත තන­තු­රකි. එබැ­වින් රාජ්‍ය විග­ණන සේවයේ උසස් වීමක් ලෙස විග­ණ­කා­ධි­ප­ති­ව­ර­යකු පත් කළ නොහැ­කිය. වෘත්තීය සමි­ති­යක් විසින් රාජ්‍ය විග­ණන සේවයේ ජ්‍යෙෂ්ඨ­තම නිල­ධා­රි­යකු විග­ණ­කා­ධි­පති ලෙස පත් කරන ලෙස විවි­ධා­කා­ර­යෙන් බල­පෑම් කිරීම නීත්‍ය­නු­කූල නොවන අතර, රාජ්‍ය විග­ණන සේවයේ නිල­ධා­රී­න්ගෙන් අති බහු­ත­රය එවැනි ක්‍රියා­මා­ර්ග­ව­ලට විරුද්ධ අය වෙති. එවැනි ක්‍රියා­මාර්ග රාජ්‍ය පාලන බල­යට හා රටේ උත්ත­රී­තර නීතිය වූ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට අභි­යෝග කිරී­මකි.

2014 වසරේ විග­ණ­කා­ධි­පති වශ­යෙන් කට­යුතු කළ එච්.ඒ. එස්. සම­ර­වීර විශ්‍රාම යෑමෙන් අන­තු­රුව එව­කට නියෝජ්‍ය විග­ණ­කා­ධි­ප­ති­ව­ර­යකු වූ ඩබ්.පී.සී. වික්‍ර­ම­රත්න වස­ර­කට අධික කාල­යක් විග­ණ­කා­ධි­පති තන­තුරේ වැඩ බැලී­මට පත් කරන ලද අතර, 2015දී විග­ණ­කා­ධි­පති දෙපා­ර්ත­මේ­න්තු­වෙන් බැහැර සේව­යක නිල­ධා­රි­යකු වූ ගාමිණි විජේ­සිංහ විග­ණ­කා­ධි­පති තන­තුර සඳහා ජනා­ධි­ප­ති­ව­රයා විසින් පත් කරනු ලැබීය. ඒ වන විට දැවැන්ත පරි­හා­නි­ය­කට ලක්ව තිබූ විග­ණ­කා­ධි­පති දෙපා­ර්ත­මේ­න්තුව නඟා­සි­ටු­වී­මට ඔහු කළ දැවැන්ත සේවය සමස්ත රාජ්‍ය සේව­යම පිළි­ගන්නා කරු­ණකි. එබැ­වින් විග­ණ­කා­ධි­ප­ති­ව­රයා පත් කිරීම සඳහා නිර්දේශ කිරී­මේදී මේ කරුණු වෙත ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විශේෂ අව­ධා­නය හා සැල­කිල්ල යොමු විය යුතුය.