ඔව්,විශ්වාසභංගය ගේන තුරු මං බලාගෙන ඉන්නවා-අගමැතිනිය කියයි

screenshot 2026 01 16 105217

තමන්ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව තවමත් බාර දී නොමැති බවත්, එය ගෙන එනතුරු තමා බලා සිටින බවත්, නිව්ස්ෆස්ට් (Newsfirst) නාලිකාව සමඟ පවත්වන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

මාධ්‍යවේදී ශාර්ලන් බෙනඩික්ට් විසින් මෙහෙයවන ලද මෙම සාකච්ඡාවේදී, විපක්ෂය විසින් තමාට එරෙහිව සිදු කරන චෝදනා දැක ඇතිදැයි ඇගෙන් විමසා සිටි මොහොතේ දී ඊට පිළිතුරු දෙමින් අගමැතිවරිය සඳහන් කළේ, ‘අවසාන වතාවේ මම බලද්දී මෙම විශ්වාසභංග යෝජනාව කථානායක වෙත ලබා දී තිබුණේ නැහැ. ඒ නිසා මම ඒකේ තියෙන චෝදනා දන්නේ නෑ. මම මේ විශ්වාසභංග යෝජනාව ඉතාම ගෞරවයෙන් බාරගන්නවා . යනුවෙනුයි.

කෙසේ නමුත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, මේක ආණ්ඩුවට අවස්ථාවක් වේවි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න, අපේ පාලන ක්‍රමය ගැන කතා කරන්න. ඒ නිසා මම මේ විශ්වාසභංග යෝජනාව එනතුරු බලා සිටිනවා. මම හිතනව සමගි ජන බලවේගය හැකි ඉක්මනින් කථානායකවරයා වෙත එය බාර දේවි කියලා යනුවෙනුයි.