නන්දන නික්ම යයි

494183179 1449337319767084 6906486372418171348 n

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඒ මහතා 63 වියේ පසුවිය.ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වී තිබුණි.

එමෙන්ම එම පක්ෂය නියෝජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයන්ද හෙබවීය.කෙසේ වෙතත් ඉතා කෙටි කලක් තුල ඔහු ඇතුලු පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ගෙන ඒම සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක යෙදුණු ඔහු 2004 ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා සන්ධානයට සම්බන්ධ වූයේ එහි සභාපති පදවිය ද හිමි කර ගනිමිනි.ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඒ මහතා විමල් වීරවංශයේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණට එක්විය.ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ දේශපාලන භාවිතයට විරෝධය පෑමක් ලෙස නන්දන ගුණතිලක සහ කමල් දේශප්‍රිය මාන්නපෙරුම මේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට බල පෑ ආසන්නම හේතුව ලෙස පැවැසිනි.අනතුරුව එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අතර එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ  නගරාධිපති ධුරයටද පත්විය.