නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියට අදාළව නීති විශාරදයන්, සිවිල් සමාජ ක්‍රියාධරයන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසකගේ සංවිධානත්වයෙන් මූලික සාකච්ඡාවක් ලබන බදාදා කොළඹදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය, ඇමැතිවරුන් වන බිමල් රත්නායක සහ හර්ෂණ නානායක්කාර යන මහත්වරුන් වෙත නිල වශයෙන් මේ වන විට ආරාධනා කර ඇතැයි වාර්තා වෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ තවත් දේශපාලන නායකයන් රැසකට ද මේ සඳහා ආරාධනා කර ඇති බව වාර්තා වන අතර මෙය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධ විශේෂ අභ්‍යන්තර සාකච්ඡාවක් ලෙස සිදුකෙරෙන බව සඳහන්ය.