විෂයමාලා ප්‍රතිපත්තිය අනුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් වසර අටකට වරක් විෂයමාලා ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතු වුවත් 2015 වර්ෂයෙන් පසු 2025 වර්ෂයේ මැයි 31 දින වන විටත් විෂයමාලා ප්‍රතිසංස්කරණයක් සිදුකර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඒ අනුව විෂයමාලා ප්‍රතිසංස්කරණය සිදුකළ යුතු කාලය වසර දෙකකින් ප්‍රමාද වී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. විෂයමාලා ප්‍රතිපත්තිය අනුව 2023 වර්ෂයේ දී විෂයමාලා ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබුණි.
ජාතික අධ්‍යාපන ආයතනය සඳහා 2024 වර්ෂයේ දී රුපියල් මිලියන 504ක මුදලක් වෙන් කර තිබූ අතර එම වර්ෂයේ දී මුළු ප්‍රතිපාදන මුදලම උපයෝජනය කර තිබුණි.