ඉකිගසා හඩමින් පිටව ගිය ජපන් වෛද්‍ය කණ්ඩායම

1765817882 mamamam l

ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම ඊයේ (15) රාත්‍රියේ දී මෙරටින් පිටව ගියහ.

ඔවුන් පසුගිය 03වන දා මෙරටට පැමිණි තිබුණි අතර සති දෙකකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටිමින් මෙම කණ්ඩායම හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිතකල තාවකාලික විශේෂ ක්ෂේත්‍ර රෝහලක සිට හලාවත සහ තදාසන්න ප්‍රදේශවල විශාල ජනතාවකට සුව සත්කාර සේවා සපයනු ලැබීය.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන්, රසායනාගාර විශේෂඥයින්, විකිරණවේදීන්, සැපයුම්කරුවන්, සම්භන්ධීකරණ නිලධාරීන් ඇතුළුව සෞඛ්‍ය වෘත්තිකයන් 31 දෙනෙකු මෙම ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමට ඇතුළත්ය.

ඔවුන්ගේ සමුගැනීම අතිශය සංවේදී මොහොතක් වූ අතර ශ්‍රීලංකාවට බෙහෙවින්ම ආදරේ බව පැවසූහ.