ලිංගික අධ්‍යාපනයෙන් සංස්කෘතිය වැනසෙනව ද?

image1170x530cropped

රාජාං­ගණේ පිය­දස්සි හිමි

වෙනස් වන ලෝක­යට ගැළ­පෙන පුළුල් අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යක අව­ශ්‍ය­තාව පැන­නැඟී ඇති බව අප කවු­රුත් පිළි­ගන්නා සත්‍යයකි. එහෙත් එය කෙසේ කළ යුතුද යන්න විවා­දා­පන්න කරු­ණකි. එහෙ­යින් මේ පිළි­බඳ පැන­නැඟී ඇති සමාජ මත­වාද ඔස්සේ කතා කිරීම අධ්‍යා­පන ප්‍රති­ශං­ස්ක­රණ සඳහා සමා­ජයේ අව­ධා­නය යොමු කිරී­ම­ටද හේතු වේ. මන්ද යත්: ඕනෑම අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යක් අදාළ වන්නේ එය ක්‍රියා­ත්මක කෙරෙන සමා­ජ­යට වන හෙයිනි.

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කිරී­මේදී වඩාත් අව­ධා­නය යොමු කළ යුතු කරුණ වන්නේ එය නූත­න­යට ගැළ­පෙන අයු­රින් සිදු වෙන­වාද? යන්නට වඩා, ඉදිරි අනා­ග­තයේ මතු විය හැකි තත්ත්ව හා අභි­යෝග ජය ගැනීම උදෙසා හෙට ලෝක­යට ගැළ­පෙන අයු­රින් සමා­ජ­යට දායාද කළ හැකිද යන්නයි. ඊට හේතුව නම්: අධ්‍යා­ප­නය හෙට ලෝක­යට අද කෙරෙන ආයෝ­ජ­න­යක් වීමයි.

deccanherald import sites dh files article images 2020 05 19 sex education illustration 1355745570 1540627893

අප ජීවත් වන 21 වැනි සිය­වස පූර්ව ශත­ව­ර්ෂ­ව­ලට වඩා ශීඝ්‍ර­යෙන් වෙන­සට පත් වෙමින් ඇත. අතී­තයේ නව නිපැ­යුම් බිහි වූයේ ඉතා සෙමෙනි. ගුව­න්වි­දු­ලිය, රූප­වා­හි­නිය, දුර­ක­ත­නය බිහි වීමට දශක ගණ­නක් ගත විය. එසේම ඒවා සමා­ජ­යට භාර­ගැ­නී­මට හා ප්‍රයෝ­ජ­න­වත් ලෙස භාවි­ත­යට ගැනී­ම­ටද බොහෝ කාල­යක් ගෙවා­දැ­මී­මට සිදු විය. තමන්ට පුරුදු වූ පැරණි ක්‍රම­වේද, මෙව­ලම්, ඇඳුම් ආයි­ත්තම්, සිරිත් විරිත් ආදිය මිනිසා වෙනස් කර­ගත්තේ ඉතා සෙමෙනි. එහෙත් 21 වැනි සිය­වසේ මේ වෙන­ස්කම් ශීඝ්‍ර­යෙන් සිදු වූ අත­රම, සමා­ජය ඒවා භාර­ගැ­නී­මට බොහෝ කලක් වැය කළේද නැත.

ස්මාර්ට් ජංගම දුර­ක­ත­නය ලෝකය වෙනස් කළ මෙව­ල­මකි. එය ලෝකය පුරා ශීඝ්‍ර­යෙන් ජන­ප්‍රිය වූ අතර, ඒ හරහා තොර­තුරු තාක්ෂ­ණය හා සම්බන්ධ නව මං මාවත් ගණ­නා­වක් විවර විය. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස අන්ත­ර්ජා­ලය, ෆේස්බුක්, යූටි­යුබ්, ට්විටර් ආදි සමාජ මාධ්‍ය භාවි­ත­යට එක් වූ අතර, එය සමා­ජයේ තොර­තුරු සන්නි­වේ­දන කාර්ය­යෙහි විශාල ඉඩක් හිමි කර­ගති. ලෝකයේ විවිධ තැන්වල සිදු වන දෑ නිමේ­ෂ­ය­කින් තම ඩිජි­ටල් තිරය මත සජීව ලෙස මැවෙන අත­රම ඒ සඳහා තමන්ට ප්‍රති­චාර දැක්වී­ම­ටත් ඒ හා සම්බන්ධ වීම­ටත් ඉඩක් ලැබීම මාන­වයා පුදු­ම­යට පත් කළේය. එසේම ඇඟිලි තුඩක් තැබී­මෙන් තමන්ට අවැසි බොහෝ අව­ශ්‍යතා ඉටු කර­ගැ­නී­මට හැකි වීම මෙම තාක්ෂ­ණික ලෝකයේ නිම්වළලු පුළුල් කිරී­මක් විය.

2025 වර්ෂ­යෙන් පසු බිහි වන දරු­වන් බීටා පර­පු­රට අයත් යැයිද, ඉන් පෙර පැවති ඇල්ෆා පර­පුර අප පහු කළ බවද ඒ එක් එක් පර­පු­රෙහි ලක්ෂණ විශ්ලේ­ෂ­ණය කරන මානව විද්‍යා­ඥයෝ ප්‍රකාශ කරති. මේවාට අයත් ළමා පර­පුර උප­තින්ම තාක්ෂ­ණික හැකියා සහිත විභ­ව­තා­ව­ලින් යුතුව සමා­ජ­ගත වේ. මෙවන් තත්ත්ව­යක් යටතේ ශ්‍රී ලංකාවේ පාසල තුළ අධ්‍යා­ප­නය හදා­රන සිසු පර­පු­රට නව ලොව ග්‍රහ­ණය කර­ගැ­නී­මට අවශ්‍ය වන කුස­ලතා ඇති කර­ලී­මට සකස් කෙරෙන අධ්‍යා­ප­න­යක් කෙබඳු විය යුතුද? යන්න තීර­ණය කිරීම විශාල අභි­යෝ­ග­යක් වනු නිය­තය. කුමන අධ්‍යා­පන ක්‍රම­යක් වුව සමා­ජ­ගත කිරී­මේදී අප රටේ සංස්කෘ­තික හර­යන්, ආග­මික විශ්වාස, සාම්ප්‍ර­දා­යික ඉගෙ­නුම් ක්‍රම­වේද, දරි­ද්‍ර­තාව, ග්‍රාමීය හා නාග­රික බෙදීම, යටි­තල පහ­සු­ක­ම්වල හිඟය, අස­මා­න­තාව, වාර්ගි­ක­ත්වය, සමාජ විෂ­ම­තාව වැනි සමා­ජයේ අවි­යෝ­ජ­නීය බැඳී­මක් ඇති කාරණා දැඩි ලෙස සැල­කී­මට සිදු වනු ඇත.

kwtdderslvrnmrz 800x450 nopad.jpg

මේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යටතේ වඩාත් කතා­බ­හට ලක් වූ මාතෘ­කා­වක් වන්නේ දරු­වන්ට ලිංගික අධ්‍යා­ප­නය ලැබිය යුතුද යන්නයි. ළමා අප­යෝ­ජ­නය, නව යොවුන් වියේ ගැබ් ගැනීම, ස්ත්‍රී පුරුෂභාවය මත පද­නම් වූ ප්‍රච­ණ්ඩ­ත්වය වැනි සිදු­වීම් මහ­ජන අව­ධා­න­යට ලක් වන සෑම අව­ස්ථා­ව­කම ලිංගික අධ්‍යා­ප­නය පිළි­බඳ සාක­ච්ඡාව බොහෝ විට මතු වේ. වේග­යෙන් වෙනස් වන ලෝක­යක දරු­වන්ගේ සෞඛ්‍යය, ආර­ක්ෂාව සහ ගෞර­වය සුරැ­කීම සඳහා ලිංගික අධ්‍යා­ප­නය අත්‍ය­වශ්‍ය බවට බොහෝ දෙනා තර්ක කරති. කෙසේ වෙතත් මේ මත­යට ප්‍රති­පක්ෂ වූවන් අනිසි බිය­කින් යුතුව තර්ක කර­නුයේ දරු­වන්ට එවැනි අධ්‍යා­ප­න­යක් දීමෙන් සංස්කෘ­තික වටි­නා­කම් යට­පත් කිරී­ම­ටත්, දුරා­චාර හැසි­රීම් දිරි­මත් කිරී­ම­ටත්, දරු­වන් මාන­සි­කව සූදා­නම් නැති දැනු­ම­කට නිරා­ව­ර­ණය කිරී­ම­ටත් හේතු විය හැකි බවයි. එහෙත් මේ විවා­දය යොමු විය යුත්තේ­ ඉ­හත කී කරුණු කෙරෙහි පම­ණක්ම නොවේ. එහිදී අධ්‍යා­ප­නයේ සැබෑ අර­මුණ කුමක් ද? අධ්‍යා­ප­නය හුදෙක් ශාස්ත්‍රීය දැනුම සම්ප්‍රේ­ෂ­ණය කිරීම පම­ණක්ද? නැත හොත් දරු­වන් තමන් හා අන් අය­වත්, ජීවි­තයේ යථා­ර්ථ­යන් වග කිව යුතු සහ සදා­චා­රා­ත්මක ආකා­ර­ය­කින් තේරුම් ගැනී­මට සූදා­නම් කිරී­මද? යන්නයි.

මතු දැක්වෙන්නේ නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යටතේ ශ්‍රී ලාංකික දරු­වන්ට ලිංගික අධ්‍යා­ප­නය දිය යුතුද යන්න පිළි­බඳ සමාජ මත­වාද ඔස්සේ පුළුල් ලෙස අද­හස් දැක්වී­මකි. එයට වත්මන් පාසල් සමා­ජයේ ගුරු-දෙගුරු පාර්ශ්වයේ හා ශිෂ්‍යන්ගේ පක්ෂ විපක්ෂ අද­හස් මෙන්ම සංස්කෘ­තික වශ­යෙන් මුල් බැස­ගත් දෘෂ්ටි­කෝණ ද ස­ලකා බලා ඇත. මෙය දරු­වන්ට ලිංගික අධ්‍යා­ප­නය ලබා දිය යුතුද? යන්න සහ එසේ නම් ශ්‍රී ලංකාවේ සංස්කෘ­තික වටි­නා­ක­ම්ව­ලට අනු­කූ­ලව එය කළ හැකිද? යන්න පිළි­බඳ විව­ර­ණ­යකි.

සැබ­වින්ම පළ­මුව ‘ලිංගික අධ්‍යා­ප­නය’ යන්නෙහි අර්ථය තේරුම් ගත යුතුය. මේ මාතෘ­කාව කතා කිරී­මේදී ප්‍රධාන ගැට­ලු­වක් වන්නේ වර­දවා වට­හා­ගැ­නී­මයි. බොහෝ මවු­පි­යන් සඳහා ‘ලිංගික අධ්‍යා­ප­නය’ යන යෙදුම දරු­වන් අතර ලිංගික ක්‍රියා­කා­ර­කම් ප්‍රව­ර්ධ­නය කෙරෙන අන්ත­ර්ග­ත­යන් හෝ උප­දෙ­ස්වල රූප සිහි­යට නංවයි.

c3tzr1g81unaps7vznxhuew5zm76dshwey7onmflxck2iqgsre8stpwhhciym48zossqhmdv6abhngcjmujqer7qxwbfbesartukkw2ldzwygj49jnxcbtc

එහෙත් එය සපු­රාම වැර­දිය. ලිංගික අධ්‍යා­ප­නය හා ලිංගික ක්‍රියා­කා­ර­ක­ම්වල ඇත්තේ හාත්පස වෙනස් ස්වභාව දෙකකි. මේ අර්ථ නිරූ­ප­ණය සාවද්‍ය සහ නොමඟ යව­න­සුලු බව ගුරු­ව­රුන් අව­ධා­ර­ණය කරයි. නූතන සෞඛ්‍ය බල­ධා­රී­හුද වය­සට ගැළ­පෙන ලිංගික අධ්‍යා­ප­න­යක් දීමට එකඟ වේ. ලෝකයේ විවිධ රට­වල අධ්‍යා­ප­නය තුළ ලිංගික අධ්‍යා­ප­නය විස්තීර්ණ ලෙස විග්‍රහ කෙරේ. ඉන් අද­හස් කරන්නේ දරු­වන්ට ලිංගික ක්‍රියා­කා­ර­ක­ම්වල නියැ­ළෙන ආකා­රය ඉගැ­න්වීම නොව, ඒ වෙනු­වට

• මිනිස් සිරුර සහ එහි වර්ධ­නය පිළි­බඳ දැනුම

• වැඩි­විය පැමි­ණී­මේදී ශාරී­රික හා චිත්ත­වේ­ගීය වෙන­ස්කම් තේරුම් ගැනීම

• පුද්ග­ලික සීමා­වන් සහ කැමැත්ත ගැන ඉගෙ­නීම

• ගෞර­ව­නීය සබ­ඳතා සහ අන්‍යෝන්‍ය වග­කීම

• මූලික ප්‍රජ­නක සෞඛ්‍ය දැනුම

• අප­යෝ­ජ­නය සූරා­කෑම සහ උප­කාර පැතිය යුතු ආකා­රය පිළි­බඳ දැනු­ව­ත්භා­වය

ආදිය පිළි­බඳ පුළුල් අව­බෝ­ධ­යක් ඇති කර­ගැ­නී­මයි. මුල් ළමා වියේදී මේ අධ්‍යා­ප­නය ආර­ක්ෂාව, ශරී­රය ගැන දැනු­ව­ත්භා­වය සහ ගෞර­වය කෙරෙහි අව­ධා­නය යොමු විය යුතුය. වඩාත් සවි­ස්ත­රා­ත්මක ලෙස ජීව විද්‍යා­ත්ම­කව සහ සෞඛ්‍ය ආශ්‍රිත අන්ත­ර්ග­ත­යන් හඳුන්වා දිය යුතු වන්නේ දරු­වන් සංව­ර්ධ­නය වන විට හා පසු­කා­ලීන වයස් සිමා­ව­ල­දීය. එබැ­වින් වැරදි වැට­හීම් මත සිටි­මින් ලිංගික අධ්‍යා­ප­නය ප්‍රති­ක්ෂේප කිරීම මඟින් අර්ථ­වත් සංවා­ද­යක් ඇති වීම හා ඵල­දායි ප්‍රති­පත්ති සකස් වීම වළ­ක්වන බව බොහෝ විදු­හ­ල්ප­ති­ව­රු­න්ගේද මත­යයි.

ශ්‍රී ලංකාවේ ඉහළ සාක්ෂ­රතා අනු­පා­තය සහ නිද­හස් අධ්‍යා­ප­නය සඳහා දිගු­කා­ලීන කැප වීම බොහෝ රට­වල පැස­සු­මට ලක්ව තිබේ. එහෙත් මෙවැනි ජය­ග්‍ර­හණ තිබි­ය­දීත් දරු­වන්ගේ ලිංගික දැනුමේ සහ ලිංගික ආර­ක්ෂාවේ ඇති හිඩැස් කෙරෙහි අව­ධා­නය යොමු නොකි­රීම කෙරෙහි විවේ­චන තිබේ. ඔවුන් දක්වන්නේ පහත සඳ­හන් ගැටලු වැඩි වෙමින් පව­තින බවයි:

• ළමා ලිංගික අප­යෝ­ජ­නය

• නව යොවුන් වියේ ගැබ්ගැ­නීම් සහ අනා­ර­ක්ෂිත ගබ්සා කිරීම්

• නව යොවුන් වියේ පසු­ව­න්නන් අතර ලිංගි­කව සම්ප්‍රේ­ෂ­ණය වන ආසා­දන

• සමාජ මාධ්‍ය සහ මාර්ග­ගත අන්ත­ර්ග­ත­යන් හරහා පැතිර යන වැරදි තොර­තුරු

යම් සිදු­වීම් පිළි­බඳ කතා නොකර සිටීම හෝ විවිධ තහ­නම් කිරීම් හෝ පාල­නය කිරීම් මඟින් ලිංගික තොර­තු­රු­ව­ලට නිරා­ව­ර­ණය වීමෙන් දරු­වන් ආරක්ෂා නොවන බව විශේ­ෂ­ඥයෝ පෙන්වා දෙති. ඒ වෙනු­වට දරු­වන් බොහෝ විට සම වයසේ මිතු­රන් මඟින් කාමුක දර්ශන හෝ සමාජ මාධ්‍ය වැනි විශ්වාස කළ නොහැකි මූලා­ශ්‍ර­­ව­ලින් තොර­තුරු ලබා­ගනී. එහි ඇති භයා­නක ස්වරූ­පය නම් ඒවායේ අන්ත­ර්ග­තය නිත­රම විකෘති, අස්වා­භා­වික, ප්‍රෝඩා­කාරි වීම නිසා අවි­ධි­මත් ආකා­ර­යට දැනුම ලැබී­මය. එය ලිංගික දැනු­ම­කට වඩා ලිංගික ක්‍රියා­කා­ර­කම් ප්‍රව­ර්ධ­නය කර­වී­මකි. එවැනි දේ මුදල් ඉප­යීමේ අර­මු­ණෙන් වෙබ් අඩවි හරහා සිදු වේ. මේ ප්‍රවේ­ශ­යන්ට නතු වීම තුළ ළම­යින් වය­සට නොගැ­ළ­පෙන අයු­රින් අවි­ධි­මත් ලිංගික අධ්‍යා­ප­න­යක් ලැබීම හේතු­වෙන් වඩාත් අව­දා­න­මට ලක් විය හැකිය.

ලිංගික අධ්‍යා­ප­නය අනි­වාර්ය ලෙස දිය යුතුය යන අද­හසේ සිටින සමාජ කණ්ඩා­යම් ඒ සඳහා හේතු කාරණා කිහි­ප­යක් දක්වයි. අප­යෝ­ජ­න­යෙන් සහ සූරා­කෑ­මෙන් දරු­වන් ආරක්ෂා කිරී­මට ලිංගික අධ්‍යා­ප­නය තීර­ණා­ත්මක මෙව­ල­මක් බව ළමා අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් පෙනී සිටින ඔවුන් විසින් ඉදි­රි­පත් කරන ලද ප්‍රබ­ලම තර්ක­ව­ලින් එකකි. බොහෝ අප­යෝ­ජ­න­යට ලක් වූ දරු­වන් තම අත්දැ­කීම් වාර්තා නොක­රන්නේ තමන්ට සිදු වන දේ වැරදි බව ඔවුන්ට නොතේ­රෙන නිසා හෝ දොස් පැව­රී­මට සහ ලජ්ජා­වට පත් වීමට ඇති බිය නිසාය. එනිසා වය­සට ගැළ­පෙන අධ්‍යා­ප­නය දරු­වන්ට උප­කාරි විය හැකිය. එහිදී,

• නුසු­දු­සු ­­ස්ප­ර්ශ­යන් හඳු­නා­ගැ­නීම

• පෞද්ග­ලික සීමා­ තේ­රුම් ගැනීම

• ඔවුන්ට යොමු විය හැකි විශ්වා­ස­වන්ත වැඩි­හි­ටි­යන් හඳු­නා­ගැ­නීම

• කතා කිරී­මට විශ්වා­සය වර්ධ­නය කිරීම

ආදිය මඟින් ශාරී­රික ස්වාධී­න­ත්වය සහ කැමැත්ත පිළි­බඳ දැනු­වත් වන දරු­වන් අප­යෝ­ජ­න­යක් ගැන කලින් වාර්තා කිරී­මට වැඩි ඉඩක් ඇති බවත්, එම­ඟින් දිගු­කා­ලීන මාන­සික හානිය අඩු කරන බවත් ඔවුහු පෙන්වා දෙති. ලිංගික අධ්‍යා­ප­නය මඟින් ශාරී­රික හා මාන­සික සෞඛ්‍ය­යට සහය වීමත්, ළමා අප­චාර සහ ලිංගික හිංස­න­යෙන් ආරක්ෂා වීමත් සිදු වේ. නිවැ­රදි ලිංගික සෞඛ්‍ය තොර­තුරු නැති­කම නිසා නව යොවුන් වියේ ගැබ්ගැ­නීම්, ලිංගි­කව සම්ප්‍රේ­ෂ­ණය වන ආසා­දන (ලිංගා­ශ්‍රිත රෝග) සහ ප්‍රජ­නක සෞඛ්‍ය ගැටලු ඇති වේ. ලිංගික අධ්‍යා­ප­නය අව­දා­නම් හැසි­රීම් අඩු කරන අතර, කාල­යත් සමඟ සෞඛ්‍යසම්පන්න ජීවි­ත­ය­කට මඟ­පා­දයි. ව්‍යූහ­ගත අධ්‍යා­ප­න­යක් නැති විට දරු­වන් බොහෝ විට අන්ත­ර්ජාල මූලා­ශ්‍රය, සම වයසේ මිතු­රන් හෝ වැරදි තොර­තුරු මත විශ්වා­සය තබන අතර, එම­ඟින් ඔවුන් තුළ ශරීර සබ­ඳතා සහ ලිංගි­ක­ත්වය පිළි­බඳ හානි­කර වැරදි වැට­හීම් ඇති විය හැකිය. මනෝ­වි­ද්‍යා­ත්මක සහ චිත්ත­වේ­ගීය සංව­ර්ධ­නය පුළුල් අධ්‍යා­ප­නය මඟින් ඇති කළ හැකිය. විශ්වා­සය, ගෞර­වය සහ ශරීර දැනු­ව­ත්භා­වය සඳ­හාද එය දායක වේ.

ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට (NCPA) අනුව ලිංගික අධ්‍යා­ප­නය යනු හුදෙක් ලිංගික එක් වීම ගැන ඉගැ­න්වී­මක් නොව, ‘යහ­පත් ස්පර්ශය සහ අය­හ­පත් ස්පර්ශය’ (Good touch & Bad touch) හඳු­නා­ගැ­නී­මයි. දරු­ව­කුට තමාට සිදු වන හිංස­නය හඳු­නා­ගැ­නී­මට සහ ඊට එරෙහි වීමට දැනුම අත්‍ය­වශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ දින­කට වාර්තා වන ළමා අප­චාර සිද්ධි ගණන ඉහළ යෑම සහ ඉන් බහු­ත­ර­යක් ළඟම ඥාතීන් හෝ හිත­ව­තු­න්ගෙන් සිදු වීම වස­ර­කට පාසල් යන වයසේ දරු­වන් දහස් ගණ­නක් ගැබ් ගැනී­ම්ව­ලට ලක් වේ. මෙය නව යොවුන් ගැබ් ගැනීම් සහ සමාජ ගැට­ලුය. මින් බොහො­ම­යක් සිදු වන්නේ ප්‍රජ­නක සෞඛ්‍ය පිළි­බඳ අන­ව­බෝ­ධය නිසාය.

ප්‍රසව හා නාරි­වේද විශේ­ෂඥ වෛද්‍ය මත­යන් අනුව ශරී­රයේ හෝමෝන වෙන­ස්කම් සහ ප්‍රජ­නක පද්ධ­තියේ ක්‍රියා­කා­රි­ත්වය ගැන විද්‍යා­ත්මක අව­බෝ­ධ­යක් දරු­වන්ට තිබිය යුතුය.

HIV/ AIDS වැනි ලිංගි­කව සම්ප්‍රේ­ෂ­ණය වන රෝග (STDs) පාල­නය හා ඒවා තරුණ ප්‍රජාව අතර ව්‍යාප්ත වීමේ අව­දා­නම අඩු කර­ගැ­නී­මට ආර­ක්ෂිත ක්‍රම­වේද ගැන දැනු­වත් කිරීම අත්‍ය­වශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ ඇතැම් ආග­මික නාය­ක­යන් සහ සංස්කෘ­තික ක්‍රියා­කා­රීන් පව­සන්නේ පාසල් විෂය නිර්දේ­ශ­යට ලිංගික කරුණු ඇතු­ළත් කිරීම මඟින් දරු­වන්ගේ ළමා ගුණය නැති වී යන බවයි. එය ලිංගික අධ්‍යා­ප­නය දීමට යෑමේදී මතු වන ප්‍රබල සංස්කෘ­තික හා ආග­මික බල­පෑ­මකි. බොහෝ ආග­මික නාය­කයෝ ලිංගික අධ්‍යා­ප­න­යට විරුද්ධ වන අතර, එය ශ්‍රී ලංකාවේ සංස්කෘ­තික හා සදා­චා­රා­ත්මක පද­නම් අඩ­පණ කරන බවට තර්ක කරති. එවැනි විෂ­ය­මා­ලා­වක් මඟින් විදේ­ශීය වටි­නා­කම්, පවුල් සැල­සුම් හෝ විකල්ප ජීවන රටා ප්‍රව­ර්ධ­නය කරන බවට ප්‍රකාශ කර ඇති අතර, එය සාම්ප්‍ර­දා­යික සම්ම­ත­ව­ලට පට­හැණි බව සල­කති. ලිංගික තොර­තු­රු­ව­ලට නිරා­ව­ර­ණ­යට ඇති බිය, උපත් පාලන ක්‍රම හෝ ලිංගික භාවි­ත­යන් වැනි මාතෘ­කා­ව­ලට මුල් අව­ධි­යේදී නිරා­ව­ර­ණය වීම නොමේරූ ලිංගික ක්‍රියා­කා­ර­කම් දිරි­මත් විය හැකි බවට ඔවුහු තර්ක කරති.

ලිංගික අධ්‍යා­ප­නය මඟින් දරු­වන් අකා­ලයේ ලිංගික ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට පොල­ඹ­වයි යන බිය ඇතැම් මවු­පි­යන් තුළද පවතී. මීට පෙර 7 ශ්‍රේණිය විෂය නිර්දේ­ශ­යට ඇතු­ළත් කළ ප්‍රජ­නක සෞඛ්‍ය පාඩම් කොටස් සමාජ විරෝ­ධය නිසා ඉවත් කිරී­මට සිදු විය. විරුද්ධ වන්නන් පව­සන්නේ මෙය බට­හිර සංකල්ප බලෙන් ඇතුළු කිරී­මක් බවයි. ‘හතේ අපේ පොත’ වැනි ප්‍රජ­නක සෞඛ්‍ය පාඩම් හඳුන්වා දීමට ගත් අතීත උත්සා­හ­යන් ආග­මික හා සංස්කෘ­තික කණ්ඩා­ය­ම්වල දැඩි ප්‍රහා­ර­යන්ට මුහුණ දුන් අතර, එනි­සාම එම යෝජනා හකුළා ගැනී­මට සිදු විය.

තව­දු­ර­ටත් නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ තුළ දරු­වන්ට ලිංගික අධ්‍යා­ප­නය දෙන්නේ නම් පහත පරිදි එය දීමට යෝජනා කළ හැකිය. මෑත­කා­ලීන යෝජනා මඟින් වය­සට ගැළ­පෙන ලිංගික සෞඛ්‍ය තොර­තුරු පාසල් විෂ­ය­මා­ලා­වට ඇතු­ළත් කිරී­මට යෝජනා කරන අතර 6 ශ්‍රේණියේ සිටම ක්‍රියා­ත්මක කිරීම සඳහා මොඩි­යුල සකස් කළ හැකිය. එසේ නම් එය ඵල­දායි හා සංවේදි ලෙස කළ යුත්තේ කෙසේද? ලිංගික අධ්‍යා­ප­නය විෂ­ය­මා­ලාව පද­නම් කර­ගත් ක්‍රියා­ව­ලි­යක් වන අතර, එය ලිංගි­ක­ත්වයේ සහ සබ­ඳ­තා­වල ජීව විද්‍යා­ත්මක, චිත්ත­වේ­ගීය හා සමා­ජීය අයි­ති­වා­සි­කම් මත පද­නම් වූ කරුණු ඉගැ­න්වී­මකි. සෞඛ්‍යසම්පන්න සබ­ඳතා ස්ත්‍රී-පුරුෂ භාවය, ප්‍රජ­න­නය සහ අප­යෝ­ජ­න­යෙන් සහ ලිංගි­කව සම්ප්‍රේ­ෂ­ණය වන ආසා­ද­න­ව­ලින් ආරක්ෂා වීම වැනි කරුණු අව­ධා­ර­ණය කරයි. බොහෝ විට පන්ති කාම­ර­යේදී ගුරු­වරු ලිංගික පාඩම් ඉගැ­න්වීම මඟ­හැ­රී­මට හෝ ලජ්ජා­වක් සේ සැල­කී­මට පෙල­ඹෙති. එබැ­වින් ගුරු­ව­රුන්ට මේ පිළි­බඳ විවෘ­තව හා විද්‍යා­ත්ම­කව ඉගැ­න්වීම හා මනෝ­වි­ද්‍යා­ත්මක පුහු­ණු­වක් දීම අනි­වා­ර්යය. සමාජ ප්‍රති­රෝ­ධය අවම කිරී­මට ‘ලිංගික අධ්‍යා­ප­නය’ වෙනු­වට ‘ප්‍රජ­නක සෞඛ්‍ය හා ජීවන කුස­ලතා’ වැනි නම් භාවිත කළ හැකිය. මෙය ජීව විද්‍යාව සහ සෞඛ්‍ය විද්‍යාව හරහා දරු­වාට සමීප කළ යුතුය. කෙසේ වුවත්, යට කී තොර­තුරු අනුව ලිංගික අධ්‍යා­ප­නය මේ සිය­වස අභි­යෝග ජය ගැනීමේදී ළම­යින්ට අත්‍ය­වශ්‍ය දැනු­මක් බව පැහැ­දි­ලිය.