ජනප්‍රිය නළු හේමාල් රණසිංහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසියට අනුව, ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙස හේමාල් රණසිංහට අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණද, ඔහු එසේ නොකළ බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ, පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ඇති බව ය.
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
හේමාල් රණසිංහ අද උදෑසන වැල්ලවත්ත පොලිසියට භාර වී ඇති අතර, පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.