ශිරන්ති වෙනුවෙන් ආව අයගේ අමුතු සටන් පාඨ මෙන්න.

shiranthi news 01

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ අද (03)  පෙනී ශීරන්ති රාජපක්ෂ පැය 04කට පසු ඉන් පිටත්ව ගොස් තිබෙයි.

සිරි­ලිය ගිණුම් සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව ඇය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට කැඳවා තිබේ.

ජන­වාරි මස 27 වැනි දිනද ප්‍රකා­ශ­යක් දීමට ඇය අප­රාධ පරී­ක්ෂණ දපා­ර්ත­මේ­න්තුව හමු­වට කැඳවා තිබුණ ද, ඇයගේ නීති උප­දේ­ශ­ක­යන් මාර්ග­යෙන් සති දෙකක කාල­යක් ඉල්ලා සිටීම හේතු­වෙන් එදින ඇය පෙනී සිටියේ නැත.

මේ අතර ඇයට ආධාර පිණිස පිරිසක් අද පැමිණ සිටියහ.

‘අපි ආවා කොළඹට- මේ කාගෙද බලවේගේ,මැඩම් ඔබතුමියගේ බලවේගේ’

‘යුද්දේ දිනවපු මහින්ද මහත්තයාගේ මාතාවට ජය වේවා’

‘අපි බය නෑ”

‘අපි ආවා”

“මං තමයි හයිවේ එක ඕපන් කරලා රිමන්ට් එකට ගියේ”’

‘ශ්‍රිරන්ති මැඩම්ට ජයවේවා’

වැනි ප්‍රකාශ ඔවුන් කරමින් සිටියහ.