යූඑන්පී ය ඩිජිටල් වෙයි. රෙස්ලින් වෙනුවට කික් බොක්ෂින් තෝරයි. ජේ.ආර් වෙනුවට ට්‍රම්ප් ගේ ලෝකය ගැන කතා කරයි.

624935379 122242794674113260 4421725615236682153 n

ජෙන් -Z පරම්පරාව සමඟ එක්සත් ජාතික පක්ෂය නව ගමනක් ආරම්භ කළ බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (පෙබ. 4) පැවසීය.

මෙරට දේශපාලන පක්ෂවල පෙර ගමන්කරුවා වෙමින් එජාපයේ සංවිධාන ජාලය ඩිජිටල් තාක්ෂණයට‍ එක් කළ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයේ පැවැති ස්මාට් යූඑන්පී 2026 උත්සවය අමතමින් හෙතෙම මේ බව කීවේය.

රනිල් වික්‍රමසිංහ මෙසේද කීවේය.

“අපේ නායක ඩී.එස්. සේනානායක මැතිතුමා නිදහස් ලංකාවක් බිහිකරලා 78 වැනි සංවත්සරය සමරන අවස්ථාව. එතුමාගේ ඉඳන් අද වෙනකම් වසර 78ක් මේ රට හදන්න ගිය නායකයන් සියලු දෙනාම අපි අගය කරනවා. එතුමා ආරම්භ කළේ මධ්‍ය මහ විද්‍යාල 50යි. අද තියෙනවා 1, 400කට වඩා. එදා විශ්වවිද්‍යාල එකයි. අද රජයේ විශ්වවිද්‍යාල 19යි, රජයේ නොවන විශ්වවිද්‍යාල 27යි. අද රෝහල් 550ට වඩා තිබෙනවා. දැන් හයසියය අල්ලන්න යනවා. අපි හාල්වලින් දැන් ස්වයංපෝෂිතයි, සිංහල අපේ රජරට රාජධානියෙන් පස්සේ. විදුලි බලය හැම තැනම තියෙනවා. වාහන තියෙනවා. අපි අලුත් යුගයක ඉන්නේ. අපි දැන් අනාගතය ගැන හිතන්න ඕන. ඒ වෙනුවෙන් නිදහස් හා බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. ඒකෙන් තමයි මේ රට දියුණු වුණේ. ඒ සඳහා හැම බලගවේගයකටම එකතු වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේ රටේ ආර්ථිකය 2022 කඩා වැටුණා. මං භාරගෙන ස්ථාවරභාවයක් ඇති කළා.

ජනතාව එදත් ජීවත් වුණේ අමාරුවෙන්. අපේ වැඩසටහන තිබුණේ ඊළඟ අවුරුදු 5 තුළ තවත් සහන ලබාදෙන්න. ජීවත් වෙන්න අවශ්‍ය ආදායමක් අතේ තියන්න. ඩොලරයට 185ක් තිබූ රුපියල එක රැයකින් ඩොලරයට 330ක්, 360ක් වුණාම මොකද කරන්නේ. දීර්ඝ ලෙස 2048 ගැන බැලිය යුතුයි. අලුතෙන් එන ඡන්දදායකයන් යුද්ධය අවසන් වුණාට පස්සේ ඉපදුණු අය. එහෙම ලෝකෙක ඉන්නේ.

අපි ඊට ලෑස්ති වෙන්න ඕන. ඩී.එස්. සේනානායක මැතිතුමා ඇති කළේ අපේ පරම්පරාව. යුද්ධයෙන් පස්සේ විශාල ජනගහනයක් ඇති වුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා හැදුවේ මිලේනියම්ලා. දැන් මිලේනියම්ලා නෙමෙයි ඉන්නේ ජෙන්-Z කියන සමාජය. ඒක ඩිජිටල් සමාජයක්. අප දුන්නු විදුලිබලයෙන්, අපි දුන්නු ජංගම දුරකථන භාවිතයෙන්, අපි දුන්නු කොම්පියුටරයෙන්, අපි දුන්නු ඉන්ටනෙට් එකෙන් අද ඩිජිටල්යු ගයකට ගිහින් තිබෙනවා. ජෙන්සී කියන්නේ තාක්ෂණ යුගයට ඉපදුණු පරම්පරාව. මේ පරම්පරාව එක්ක තමයි ඉදිරියට යන්න තියෙන්නේ. රට එතැනට එක්සත් ජාතික පක්ෂය තමයි ගෙන ගියේ. 48, 77 ගෙනිච්චේ අපි. ආපහු ගෙනියන්න තියෙනවා.

මේ පක්ෂය ඒකට ලෑස්ති වෙන්න. 70දී අපිට දුසිමකට වඩා තිබුණේ. ඊළඟ සැරේ රට හැදුවා. අද අපි ඉන්නේ ජේ.ආර්. යුගයේ නෙමෙයි. අපි ඉන්නේ ට්‍රම්ගේ ලෝකයේ, කැමැති වුණත් නැති වුණත්. ට්‍රම්ප් එක්ක තරග කරන චීනය ඉන්න ලෝකයේ. අසල්වැසි ඉන්දියාව ඉන්න ලෝකයේ. මේ යථාර්ථය පිළිගන්න ඕන. අපි ඒ යුගයට යන්න ඕන. ඒකට සුදුසු සමාජයක් අපි ඇති කරන්න ඕන. එදා අපි ඇති කළේ ගොවිතැන දියුණු කරලා. ඊට පස්සේ ඇති කළේ කර්මාන්ත හා සංචාරක ව්‍යාපාරය දියුණු කරලා. අද යන්නේ එතනට නෙමෙයි.”