ශ්‍රී ටෙලෝ පක්ෂයේ නායක පී. උදයරාසා නමැති අය මත්ද්‍රව්‍ය චෝදනා ඇතුලු චෝදනා කීපයක් සම්බන්ධයෙන් යාපනයේදී පෙරේදා (07 දා) අත්අඩංගුවට ගෙන තිබේ.
වවුනියාවේ පදිංචිකරුවකු වන ඔහු අවස්ථා කීපයකදීම ශ්‍රී ටෙලෝ පක්ෂයෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයට තරග කළ අයෙකි.
මැතිවරණවලදී ඔහුට ජය ලබාගැනීමට නොහැකිවත් ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවෙමින් සිටියදී, ප්‍රසිද්ධ ‘සෙව්වන්දි නඩුවේදී’ ඔහුගේ නමත් ප්‍රකාශවීම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට ඔහු මත්ද්‍රව්‍ය නාශක අංශයේ රැකවරණය යටතේ සිටින අතර ඔහුගෙන් මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම්, ස්ත්‍රී දූෂණ, ඉඩම් වංචා, මූල්‍ය වංචා යන චෝදනා රැසක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යයි.
මීට පෙර අවස්ථාවකදී වවුනියාවේ සිදු වූ විශාල ප්‍රමාණයේ ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් පොලිසිය මොහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ නඩුවද මෙතෙක් අවසන් වී නොමැත.(දිවයින)