ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසට ඇප ලබාදීමට ත්‍රිකුණාමලය මහාධිකරණය අද (11) නියම කළේය.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් පිරිස මීට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.
අද දිනයේදී නඩුව යළි කැඳවූ අවස්ථාවේදී, අදාළ කොන්දේසි යටතේ සැකකරුවන්ට ඇප ලබාදීමට මහාධිකරණය නියම කර තිබෙයි.