ආණ්ඩුව බහුභුත වැඩක් කරනබව මාලිමාවේ මන්ත්‍රී කියයි

490734789 1120552463432192 2313097452241654189 n

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ ඉදිකිරීමක් විනාශ කරදමා ඇති බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා සඳහන් කරයි.

වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ඉඩමක් මෙසේ විනාශ කර ඇති බවත් කිසිදු සම්බන්ධීකරණයකින් තොරව සිදු කරනු ලද මෙම කටයුත්තට විරෝධය පල කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුව තමන්ගේ වුවත් මෙවන් කටයුතු වැරදි බවත් පවසන ඔහු රජයේ දේපළ මෙයාකාරයන් විනාශ කරන්නේ ප්‍රාදේශීය ලේකම් දිස්ත්‍රික් ලේකම් හෝ වෙනත් කිසිදු වගකිව යුත්තෙකු නොදැන බවද ඔහු චෝදනා කළේය.

ආණ්ඩුව මෙහෙම වැඩ කරන්නේ නම් එයද බහුබූතයක් බවද හෙතෙම චෝදනා කළේය.