දෙදින නිල සංචාරයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මහත්මිය අද (16) ශ්‍රී ලංකාවට පැමිණේ. එළැඹෙන 18 වැනිදා තෙක් මෙරට රැඳී සිටින ඒ මහත්මිය සිය සංචාරය අතරතුර රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත.
ඊට අමතරව ඒ මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර රජයේ බලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වී දිට්වා සුළි කුණාටුවේ බලපෑම සියැසින් දැක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සහාය විය හැකි ආකාරය සහ සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා ශක්තිමත් අනාගතයක් ගොඩනැඟීමට උපකාර කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිතය.