රජයේ නව ආර්ථික ප්‍රතිපත්තියට අනුව ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා වසර 10ක් දක්වා දීර්ඝ වන සුවිශේෂී බදු සහන මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත.මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ සඳහා වන නව චක්‍රලේඛය භාණ්ඩාගාරය මගින් නිකුත් කරනු ලැබු බව පැවසේ.
ඒ අනුව සංචාරක, නිෂ්පාදන, කෘෂිකර්ම සහ අධ්‍යාපන තාක්ෂණ යන ක්ෂේත්රවල නව ආයෝජනයන් දිරිගැන්වීම සඳහා වසර 06 සිට 10 දක්වා කාලයකට බදු සහන ලබාදීමට රජය තීරණය කර තිබෙන බව සඳහන්.
නව චක්‍රලේඛයට අනුව, මෙම බදු සහන හිමිවන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 50 සිට 300 දක්වා ආයෝජනය කරනු ලබන ව්‍යාපෘති සඳහායි.
එමෙන්ම එම ආයෝජනයන් හරහා අවම වශයෙන් 100 සිට 250 දක්වා දේශීය රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීම අනිවාර්ය කොන්දේසියක් ලෙස දක්වා තිබේ.
සංචාරක සහ විනෝදාස්වාද ක්ෂේත්රයට අදාළ නව ආයෝජන සඳහා අවම ආයෝජන සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ලෙස නියම කර ඇති අතර එවැනි මහා පරිමාණ ආයෝජන සඳහා වසර 10ක උපරිම බදු සහන කාලසීමාවක් හිමිවනු ඇති.
අදාළ සහන කාලසීමාව තුළ එම ව්‍යාපෘති සියලුම සංස්ථාපිත ආදායම් බදු (Corporate Income Tax – CIT) ගෙවීමෙන් නිදහස් කර තිබේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයට බදු සහන හිමිවන අතර ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය සඳහා ද බදු නිදහස් කිරීම් ක්‍රියාත්මක වන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
ඉහත සඳහන් කළ සහන භාණ්ඩ ආනයනය සඳහා හිමි වුවද, ගමන් බිමන් හෝ පුද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කරන මෝටර් රථ ආනයනය කිරීමේදී කිසිදු බදු සහනයක් හිමි නොවන බව භාණ්ඩාගාරය අවධාරණය කරයි.