පොරොන්දුව ඉටුකරයි. මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සම්මතයි.

sri lanka parlament

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් හිමිවූ අතර, විරුද්ධව ඡන්ද 2ක් හිමිවුණි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 152කින් අද (17) පාර්ලිමේන්තුවේදී සම්මත විය.පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම මාලිමා ආණ්ඩුවේ ප්‍රමුඛ පොරොන්දුවක් විය.