මෝදිගේ ඇරයුමට අනුර ඉන්දියාවට

638020971 1494835998679291 7947104691093236675 n

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබද ( A.I. Impact summit ) ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සදහා අද (17)  පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

මෙම සමුළුවට සහභාගී වීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කර තිබුණි .

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද පස්වරු 02.05 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .

638101737 1494835988679292 779950484786916348 n