මුහුද පේන මානෙක නැතිව සජබ අමුඩ ගසයි

sajith

සමගි ජනබලවේගයේ මීලග ජනාධිපති අපේක්ෂකයාත් සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂය පවසයි.පසුගියදා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වී ඇති අතර එහිදී මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඉලක්ක කරගෙන අදහස් දැක්වීමක්ද සිදුව ඇති බව ගොසිප් තීරුවල වාර්තා විය.

‘අපේ පක්ෂය ඇතුළේ පක්ෂ නායකතුමාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන අය ඉන්නවා. දැන් හර්ෂ මන්ත්‍රීතුමා සම්මුඛ සාකච්ඡාවක් ලබාදීලා නායකතුමාට අපහාස වන විදියේ අදහස් ප්‍රකාශ කිරීමක් කරලා තියෙනවා. මේක මේ විදියට කරන්න බෑ. සජිත් ප්‍රේමදාස තමයි මේ පක්ෂයේ නායකයා. එතුමාගේ නායකත්වය පිළිගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් වහාම පක්ෂයෙන් යන්න. අනෙක සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි අපේ පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා. පක්ෂයේම ජ්‍යෙෂ්ඨයෝ තැන් තැන්වල මේ විදියේ ප්‍රකාශ කරද්දී අපි කොහොමද ගම්වලට ගිහිල්ලා දේශපාලනය කරන්නේ? ඔයතුමා දැඩි තීන්දුවක් ගන්න’ කියලා කිංස් නෙල්සන් පවසා ඇත.

මේ අතර චමින්ද්‍රාණී කිරිඇල්ලද පවසන්නේ සජබ ජනාධිපති අපේක්ෂකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවයි.