ජපානයට එරෙහි ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වීමට,න්‍යෂ්ටික අවි ඇතුළු සියලු හමුදා හා ආරක්ෂක හැකියාවන් භාවිතා කිරීමට එක්සත් ජනපදය තීරණය කොට තිබේ. දෙරට අතර අලුත් කරන ලද නව ආරක්ෂක ගිවිසුම හරහා එය බලගැන්වේ.ඇමරිකානු න්‍යෂ්ටික ආවරණය (extended deterrence) යටතේ ජපානය ආරක්ෂා කිරීමට නියමිත අතර,ඉන් ඉන්දු–පැසිෆික් කලාපයේ ජපානයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම හා ප්‍රතිවාදී බලවතුන්ට එක්සත් ජනපදය විසින් ජපානය පිළිබඳ පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇත.
ගිවිසුමේ සඳහන් වූයේ එක්සත් ජනපදය සහ ජපානය යන දෙකම එකිනෙකාට මිලිටරිමය වශයෙන් සහයෝගය දැක්විය යුතු බවයි . විශේෂයෙන්, කලාපයේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදයට ජපාන භූමියේ තම හමුදා ස්ථානගත කිරීමට එය අවසර දී ඇත.