මාර්තු අට කාන්තාවන් 40000ක් කොළඹට

anura sajith

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති මාර්තු 08 වැනිදා කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන දැවැන්ත රැස්වීම් දෙකක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොටගත් ජාතික ජන බලවේගයත්, සමගි ජන බලවේගයත් සැලසුම් කොට ඇත. ජනතා විමුක්ති පෙරමුණ විසින් කාන්තාවන් 30,000කට ආසන්න ප්‍රමාණයක් කොළඹට රැස්කරවන බවත්,සමගි ජන බලවේගය 10,000කට අධික කාන්තාවන් පිරිසක් කැඳවා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී කාන්තා දින සැමරුම් උත්සවය පැවැත්වීමටත් සැලසුම්කොට තිබේ.