විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ මතක් කිරීමක්

images

මැදපෙරදිග ඇතිව තිබෙන යුධමය වාතාවරණයෙන් කිසිදු ශ්‍රී ලාංකීකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මැද පෙරදිග කලාපයේ සියලු ම ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමග සමීප සම්බන්ධතා පවත්වන බව ත් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බව ත් ය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ අමාත්‍යාංශය මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කර ඇත.

හදිසි අවස්ථාවකදී පහත සඳහන් දුරකතන අංකවලින් තොරතුරු විමසීම් කළ හැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

  • WhatsApp/Imo – +94 71 980 2822
  • Hotline – 1989