කොලොන්නාවේ කසල ටොන් අනූදාහක් ඉවත් කරලා.

whatsapp image 2025 12 17 at 3.19.48 pm (1)

“දිට්වා” සුලි කුණාටුව හමුවේ පැවැති ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් කොටිකාවත්ත සහ කොළොන්නාව ප්‍රදේශවල නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදු වූ අතර, කොටිකාවත්ත ප්‍රදේශයේ වසම් 33 න් 28 ක් පමණ ජලයෙන් යටව තිබුණ අතර,
මෙම ආපදා තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් විශේෂ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
මෙහිදී බස්නාහිර පළාත් සභාව, පළාත් පාලන අමාත්‍යාංශය, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, පෞද්ගලික ආයතන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), NGO ආයතන හා එක්ව කොළඔ හා කළුතර පළාත් පාලන ආයතනවල සහයෝගයෙන් යන්ත්‍රෝපකරණ සහ ශ්‍රම බලකාය යොදාගනිමින් පසුගිය 14 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමේදී, ටොන් 1500 – 2000 අතර අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කර බැහැර කිරීම සිදු කර ඇති අතර, මේ වන විට සමස්ත වශයෙන් ටොන් 9000කට අසන්න අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඉවත් කර අවසන්.මෙම මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා, පළාත් පාලන කොමසාරිස් සහ සහකාර කොමසාරිස් කාර්යාල මගින් විශේෂ මෙහෙයුම් මැදිරියක්ද ක්‍රියාත්මකයි.

whatsapp image 2025 12 17 at 3.19.44 pm
whatsapp image 2025 12 17 at 3.19.48 pm
whatsapp image 2025 12 17 at 3.19.50 pm
whatsapp image 2025 12 17 at 3.19.48 pm (1)