බටහිරට හිස නොනැමූ වරදට දඩුවම

download (1)

දශක 4කට ආසන්න කාල­යක් උත්ත­රි­තර ආධ්‍යා­ත්මික නාය­කයා ලෙස ඉරා­නය පාල­නය කර­මින් ද, අමෙ­රි­කාව, ඊශ්‍රා­ය­ලය ඇතුළු බට­හිර රට­වල මැද­පෙ­ර­දිග ආධි­ප­ත්‍ය­යට එරෙ­හිව සටන් කර­මින් ද ජාත්‍ය­න්තර අව­ධා­නය දිනු අය­තුල්ලා අලි හොසේනි කමේනි ඊශ්‍රා­යල ගුවන් ප්‍රහා­ර­ය­කින් ජීවි­ත්ක්ෂ­යට පත්විය. ඔහුගේ මර­ණය ඊයේ ඉරාන රජය නිල වශ­යෙන් තහ­වුරු කළේය. ඔහුගේ පාලන තන්ත්‍ර­යට එරෙ­හිව පෙරේදා (පෙබ­ර­වාරි 28) උදෑ­සන ඊශ්‍රා­ය­ලය ආරම්භ කළ ගුවන් ප්‍රහාර මාලා­වේදී අය­තුල්ලා කමේ­නිගේ කාර්යාල ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණය ද ඉල­ක්කය වූ අතර, 86 හැවි­රිදි උත්ත­රී­තර නාය­කයා ඒ මොහොතේ කාර්යා­ලයේ රැඳී සිටි බව ඉරාන රජය තහ­වුරු කර තිබේ. සිය නාය­ක­යාගේ අභා­වය වෙනු­වෙන් එරට රජය දින 40ක ශෝක කාල­යක් ඊයේ ප්‍රකා­ශ­යට පත් කර තිබේ. අය­තුල්ලා අලි කමේ­නිගේ අභා­වය ඉරා­නයේ දැඩි කැල­ඹී­ම­කට හේතු වී ඇති අතර, එය ඉස්ලා­මීය ජන­ර­ජයේ වඩාත්ම කම්පා සහ­ගත සිදු­වීම බවට ද පත් වී ඇත. අය­තුල්ලා අලි කමේනි ඇතුළු ඔහුගේ දිය­ණිය, බෑන­ණු­වන් සහ මුනු­පුරා ද ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව ඉරාන රජය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත. හමුදා නාය­ක­යන් ද ඇතු­ළුව එරට තවත් ඉහ­ළම මට්ටමේ පුද්ග­ල­යන් 40 දෙනකු පමණ ඊයේ දක්වා සිදු වූ ප්‍රහා­ර­ව­ලින් ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබේ.

iran ayatollah death

ඉරාන නාය­කයා හඳු­න්වනු ලැබුවේ මැද­පෙ­ර­දිග කලා­පයේ බල­වත්ම පුද්ග­ල­යකු හැටි­ය­ටය. ඉරා­කයේ සදාම් හුසේ­න්ගෙන් සහ ලිබි­යාවේ මුව­ම්මර් ගඩා­පි­ගෙන් පසුව අමෙ­රි­කා­වට හිස­ර­ද­යක් බවට පත්ව සිටි එකම මැද­පෙ­ර­දිග රාජ්‍ය නාය­කයා ලෙසත් සැලකේ. දශක ගණ­නා­වක් පුරා බට­හිර සහ ඊශ්‍රා­යල පීඩ­න­යට එරෙ­හිව සටන් වදි­මින් මවු­බිමේ ස්ථාව­ර­ත්වය වෙනු­වෙන් හඬ නැඟූ අය­තුල්ලා අලි කමේනි සිය නාය­ක­ත්වය යටතේ ඉරා­නය කලා­පීය බල­ව­තකු බවට පත් කළ අතර, සිය පියා වූ අය­තුල්ලා කුමේනි 1979 දී බිහි කළ ඉරාන ඉස්ලා­මීය ජන­ර­ජය රැක ගැනීම උදෙසා දැඩි තීන්දු තීරණ ගත් බව සඳ­හන් වේ. අලි කමේනි කර­ළි­යට සේන්දු වූයේ 1979 ඉරාන විප්ල­ව­යෙන් එරට බල­යට පත් වූ සිය පියා වූ අය­තුල්ලා කුමේ­නිගේ පාල­නය යටතේ ජනා­ධී­ප­ති­ව­රයා ලෙස පත්වී­මෙනි. 1981 සිට 1989 දක්වා ඉරා­නයේ ජනා­ධි­පති ධුරයේ කට­යුතු කළ අලි කමේනි උත්ත­රී­තර නාය­ක­ත්ව­යට පත්වූයේ පියාගේ අභා­ව­යත් සම­ඟය. වසර 36කුත්, මාස 6ක් ඉරා­නයේ උත්ත­රී­තර නාය­කයා ලෙස කට­යුතු කළ අලි කමේනි ෂා මොහො­මඩ් රිසා පහ්ල­වි­ගෙන් පසු මැද­පෙ­ර­දිග කලා­පයේ දීර්ඝ­තම රාජ්‍ය නාය­කයා බවට ද පත්වී සිටි­යේය.

න්‍යෂ්ටික අර්බු­දය

පසු­ගිය සෙන­සු­රාදා අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලය යුද ප්‍රකාශ කළේ එරට මත­භේ­දා­ත්මක න්‍යෂ්ටික වැඩ­ස­ට­හන මුල් කර­මිනි. ඉරා­නයේ න්‍යෂ්ටික වැඩ­ස­ට­හන ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිග­ටම එල්ල කරන චෝද­නා­වකි. අමෙ­රි­කාව පම­ණක් නොව ඊශ්‍රා­ය­ලය ඇතුළු අමෙ­රි­කානු හිත­වාදී රට­වල් රැසක්ම ඉරා­නය න්‍යෂ්ටික බෝම්බ අත්හදා බලන බවට චෝදනා කර­මින් සිටින්නේ වසර ගණ­නා­වක සිටය. එහෙත් සිය න්‍යෂ්ටික වැඩ­ස­ට­හන විදු­ලිය නිප­ද­වී­මට සහ පර්යේ­ෂණ කට­යු­තු­ව­ලට පම­ණක් සීමා කර ඇතැයි ඉරා­නය වරින් වර ප්‍රකාශ කර තිබිණි. න්‍යෂ්ටික බෝම්බ නිප­ද­වී­මට පිය­වර නොගන්නා බව ඉරා­නය තර­යේම ප්‍රකාශ කළද, ජාත්‍ය­න්තර පර­මා­ණුක බල­ශක්ති ඒජ­න්සිය හෝ බට­හිර රට­වල් එය පිළි­ගැ­නී­මට සූදා­නම් නොවීය. න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සම්බ­න්ධ­යෙන් ඉරා­න­යට චෝදනා එල්ල වෙමින් පව­තින්නේ එවැනි පසු­බි­මක් මතය.

න්‍යෂ්ටික වැඩ­ස­ට­හන පිළි­බඳ සාකච්ඡා කිරී­මට එක්වන ලෙස අමෙ­රි­කාව මීට පෙර අවස්ථා ගණ­නා­ව­කදී ඉරා­න­යට දැනුම් දී තිබූ අතර, මැත­කදී අමෙ­රි­කාව සහ ඉරා­නය අතර සාකච්ඡා ආරම්භ වූයේ එහි ප්‍රති­ඵ­ල­යක් හැටි­ය­ටය. පළ­මුව ඕමා­න­යේ­දිත්, පසුව ස්විට්ස­ර්ල­න්තයේ ජිනීවා නුව­ර­දීත් පැවති සාකච්ඡා වට ත්‍රිත්ව­යම බිඳ වැටී­මට බලපෑ හේතු ගණ­නා­වක් ද විය. ඉරාන රජය අමෙ­රි­කාව සමඟ න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සම්බ­න්ධව ගිවි­සු­ම­කට අත්සන් තැබිය යුතු බව අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා තර­යේම කියා සිටි­යත්, ඉරා­නයේ ස්ථාව­රය වූයේ ඒ සඳහා දැනට පනවා ඇති සම්බා­ධක සැල­කිය යුතු අයු­රින් ඉවත් කළ යුතු බවය. සාකච්ඡා බිඳ වැටී­මට ආස­න්තම හේතුව එය වුවද ඉරා­නයේ පාල­නය වෙනස් කිරීමේ අර­මු­ණක් අමෙ­රි­කා­වට සහ ඊශ්‍රා­ය­ල­යට තිබූ බව අවස්ථා ගණ­නා­ව­ක­දීම අනා­ව­ර­ණය වී තිබිණි. පසු­ගිය මාස­යේදී ඉරාන රජ­යට එරෙ­හිව සිදුවූ දැවැන්ත ජන විරෝ­ධය රජය පෙර­ළීමේ අමෙ­රි­කානු කුම­න්ත්‍ර­ණ­යක් බවට අය­තුල්ලා කමේනි ඇතුළු ඉරාන රජය චෝදනා කරනු ලැබුවේ එබැ­විනි. විරෝ­ධතා මර්ද­නය කිරී­මේදී ආර­ක්ෂක අංශ විසින් විරෝ­ධ­තා­ක­රු­වන් දහස් ගණ­නින් වෙඩි තබා ඝාත­නය කිරීමේ තොර­තුරු වාර්තා­වී­මත් සමඟ විර­ස­කය පිපිරී ගිය බව ජාත්‍ය­න්තර දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන්ගේ අද­හස වී තිබේ.

එහෙත් ඊශ්‍රා­ය­ලය මෙවර ඉරා­න­යට එරෙ­හිව ගුවන් ප්‍රහාර ආරම්භ කළේ න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සම්බන්ධ අර්බු­දය නිසා නොව සිය රාජ්‍යයේ ආර­ක්ෂා­වට ඉරා­න­යෙන් තර්ජ­න­යක් එල්ල වී ඇතැයි කිය­මිනි. ඊට හේතු වූයේ ලෙබ­න­නයේ ක්‍රියා­ත්මක වන හෙස්බුල්ලා සංවි­ධා­න­යට ඉරා­න­යෙන් මූල්‍ය­මය සහ හමු­දා­මය සහාය ලබා­දීමේ චෝද­නා­වය.

හෙස්බුල්ලා සංවි­ධා­නය යනු දශක ගණ­නා­වක් පුරා ඊශ්‍රා­ය­ල­යට වරින් වර ප්‍රහාර එල්ල කරන සන්නද්ධ කණ්ඩා­ය­මකි. පසු­ගිය වසරේ මැද භාග­යේදී ඊශ්‍රා­ය­ලය ඉරා­න­යට ප්‍රහාර එල්ල කළේ ද එම සිදු­වීම මුල් කර­මිනි. එවර පැවති දින 12ක යුද්ධ­යට ද අමෙ­රි­කාව මැදි­හත් විය. එහෙත් මෙවර අමෙ­රි­කාවේ සහ ඊශ්‍රා­ය­ලයේ අර­මුණ ඉන් ඔබ්බට ගිය එකකි. මේ ප්‍රහා­රය සඳහා පෙර සූදා­න­මක් ද පැවති අතර, දෙපා­ර්ශ්වය අතර සාකච්ඡා පැවැ­ත්වෙ­මින් තිබි­ය­දීම ඉරා­න­යට පහර දීම සඳහා අමෙ­රි­කාව සතු විශා­ල­තම යුද නැව් අරාබි මුහුදේ රඳවා තැබී­මට ඩොනල්ඩ් ට්‍රම්ප් පිය­වර ගත්තේය.

ජාත්‍ය­න්තර ඝාතන ඉල­ක්ක­යක්

අනිත් අතට අය­තුල්ලා අලි කමේනි ජාත්‍ය­න්තර බල­වේ­ග­වල ඝාතන ඉල­ක්ක­යක් බවට පත්වූයේ අද ඊයේක නොවන බව ජාත්‍ය­න්තර මාධ්‍ය තොර­තුරු මඟින් අනා­ව­ර­ණය වේ. 1979 විප්ල­ව­යේදී සැල­කිය යුතු භූමි­කා­වක නිර­තවූ අලි කමේනි ඝාතන කුම­න්ත්‍ර­ණ­ය­කින් වියැකී ගියේ ඔහුගේ දකුණ‘ත අප්‍රා­ණික කර­මිනි. ඉන් පසු­වත් අවස්ථා ගණ­නා­ව­ක­දීම ඔහු ඝාත­නය කිරීමේ කුම­න්ත්‍රණ කිහි­ප­යක් පිළි­බඳ තොර­තුරු වාර්තා වී තිබිණි. අලි කමේ­නිගේ විදේශ ප්‍රති­ප­ත්තිය ද අමෙ­රි­කාව ඇතුළු බට­හිර රට­වල් සතු­රන් බවට පත් කිරී­මට හේතු වූ බව ද වාර්තා විය. ෂියා ඉස්ලා­ම්වා­දය මුල් කර­ගත් ඉරාන විදේශ ප්‍රති­ප­ත්තිය එරට අප­න­ය­න ක්ෂේත්‍රය කේන්ද්‍ර කර­ගත් එකකි. එරට න්‍යෂ්ටික වැඩ­ස­ට­හ­නට ඔහු සෘජු­වම නාය­ක­ත්වය දුන් අතර, එය ජන­තාව සඳහා යහ­පත් චේත­නා­වෙන් යුතුව සිදු කළ ව්‍යාපෘ­ති­යක් බව ද සඳ­හන් විය.

බට­හිර බල­වේග මැඬ පැවැ­ත්වීමේ අර­මු­ණින් ඉරා­නයේ ඉස්ලා­මීය සන්නද්ධ බළ­කාය වැඩි­දි­යුණු කිරී­මට පිය­වර ගැනී­මත් අලි කමේනි බට­හිර කලා­පයේ සතු­රකු බවට පත්වී­මට හේතු වී තිබිණි. ඔහු ඊශ්‍රා­ය­ලය සහ සියො­න්වා­දය ප්‍රසි­ද්ධි­යේම විවේ­ච­න­යට ලක් කළ අතර, ඊශ්‍රා­යල- පල­ස්තීන යුද්ධ­යේදී පල­ස්තීන ජන­තාව වෙනු­වෙන් කොන්දේසි විර­හි­තව පෙනී සිටි­යේය.

මැද­පෙ­ර­දිග ආධි­ප­ත්‍යය

සැබැ­වින්ම ඉරා­නය සහ බට­හිර රට­වල් අතර කෝන්ත­රය ආරම්භ වූයේ ඉරාන විප්ල­ව­යෙන් පසු ඉස්ලා­මීය ජන­ර­ජ­යක් බිහි­වී­මෙනි. එතෙක් පහ්ලවි අධි­රාජ්‍යය ලෙස පැවති ඉරා­නය අමෙ­රි­කාව ඇතුළු බට­හිර රට­වල් සමඟ ශක්ති­මත් සම්බ­න්ධ­තා­වක් පව­ත්වා­ගෙන ගිය අතර, මැද­පෙ­ර­දිග කලා­පයේ දීර්ඝ උපා­ය­මා­ර්ගික සැල­සු­මක් තිබූ අමෙ­රි­කා­වට ඉස්ලා­මීය ජන­ර­ජයේ බිහි­වීම දැඩි අභි­යෝ­ග­යක් බවට ද පත්වී තිබිණි. ෂා පාල­නය යටතේ ඉරා­නය, සෞදි අරා­බිය සහ අමෙ­රි­කාව අතර තෙල් නිෂ්පා­ද­නය සහ එහි ආධී­ප­ත්‍යය සම්බ­න්ධව පොදු එක­ඟ­තා­වක් ද පැවැ­තිණි. එය සෝවි­යට් රුසි­යාවේ මැද­පෙ­ර­දිග බල­පෑම් පාල­නය කිරීම අමෙ­රි­කාවේ අර­මුණ වී තිබූ බව ද පෙනිණි.

අමෙ­රි­කාව සමඟ පම­ණක් නොව ඊශ්‍රා­ය­ලය සමඟ ද එව­කට ෂා පාල­නය දැඩි සම්බ­න්ධ­තා­වක් පව­ත්වා­ගෙන ගිය අතර, ඊශ්‍රා­යල රටක් ලෙස පිළි­ගත් ලොව දෙවැනි මුස්ලිම් රාජ්‍ය්‍ය ද ඉරා­නය විය. එහෙත් 1979 විප්ල­ව­යෙන් පැවැති තත්වය සහ­මු­ලින්ම වෙනස් විය. එතෙක් මැද­පෙ­ර­දිග පැවති බට­හිර ගැති­වා­දී­ත්වය බිඳ වැටුණු අතර, බට­හිර විරෝධි රාජ්‍ය­යක් බවට පත් ඉස්ලා­මීය රජ­යක් බිහි විය. එය මැද­පෙ­ර­දිග කලා­පයේ දේශ­පා­ලන මුහු­ණු­වර කැපී පෙනෙන ආකා­රයේ වෙන­ස්වී­ම­කට පරි­ව­ර්ත­නය කළ විප්ල­ව­යකි.

එය තවත් අත­කින් ෂියා මුස්ලිම් බහු­ත­ර­යක් සිටින ඉරා­නයේ ෂියා නිකා­යට අනු­කූලව කට­යුතු කරන රජ­යක් බිහි­වී­මක් ලෙසත් සැල­කිය හැකිය. එතෙක් ෂා පාල­නය යටතේ පීඩි­ත­යන් තළා පොඩි කර දැමූ බට­හිර ආකල්ප යටතේ ධන­වාදී ප්‍රති­ප­ත්ති­යක් ගෙන ගිය ඉරා­නය විප්ල­ව­යෙන් පසු බිහි වු ඉස්ලා­මීය රජය යටතේ ඉස්ලා­මයේ මූල­ධර්ම අනුව හැඩ­ග­ස්වනු ලැබුවේ අය­තුල්ලා කුමේ­නිය. ඔහුගේ පුත්‍රයා වූ අලි කමේනි සිය පියාගේ ප්‍රති­ප­ත්තිය අකු­ර­ටම පව­ත්වා­ගෙන ගියේය.

k books v1308x687

හෙතෙම සුඛෝ­ප­භෝගී ජීවිත රටාව ප්‍රිය නොකළ අතර, විවේ­කය ගත කරනු ලැබුවේ ඔහු සතු ගෙවත්තේ සාමාන්‍ය වැඩ­ක­ට­යු­තු­වල නිර­ත ­වෙ­මිනි. ඔහු කවි­යට සහ නව­ක­තා­වට අති­ශ­යින්ම ආශ­ක්තව සිටි බව ද වාර්තා වේ. ඔහු කුරා­ණය පාරා­ය­ණය කිරී­මට අම­ත­රව ලියෝ ටෝල්ස්ටෝයි වැනි ලෝක ප්‍රකට සාහි­ත්‍ය­ධ­ර­යන්ගේ කෘති කියැ­වී­මට රුචි­යක් දැක්වූ අතර, වික්ටර් හියු­ගෝගේ ලෙස් මිස­ර­බල්ස් (මනු­තා­පය) ඉති­හා­සයේ හොඳම කෘතිය බව වරක් කීවේය.

පල­ස්තී­න­යට සහාය

විප්ල­ව­යෙන් පසු කැපී පෙනෙන සිදු­වී­මක් වූයේ එතෙක් බට­හිර සමා­ග­ම්වල බල­පෑ­මට ලක්වූ එරට තෙල් සම්පත් නැවත රජ­යට පවරා ගැනී­මය. අධ්‍යා­ප­නය සහ සෞඛ්‍ය ජන­සතු කිරී­මට ද කුමේනි පාල­නය පිය­වර ගෙන තිබිණි. ඉස්ලා­ම­යට ප්‍රමු­ඛ­තාව දෙමින් සිදු කළ විප්ල­ව­යෙන් පසු ඉරා­නය සහ සෞදි අරා­බිය අතර සම්බ­න්ධ­තා­වන් ද බිඳ වැටිණි. අය­තුල්ලා කුමේනි සෞදි අරා­බිය දුටුවේ ඉස්ලා­මයේ පාරි­ශු­ද්ධ­ත්ව­යට හානි කරන රාජ්‍ය­යක් ලෙස­ටය. පසු­කා­ලී­නව ලෙබ­න­නය, සිරි­යාව සහ යේම­නය සමඟ සෞදි අරා­බිය ගැටුම් ඇති කර­ගැ­නී­මට ඉරා­නයේ බල­පෑම ද හේතු වූ අතර, මේ රට­වල් ත්‍රිත්ව­ය­ටම ඉරා­නය කොන්දේසි විර­හි­තව සහාය ලබා දුන්නේය. ලෙබ­න­නයේ හිස්බුල්ලා සහ යේම­නයේ හවුති වැනි සංවි­ධාන භාවිත කර­මින් ඉරා­නය මැද­පෙ­ර­දිග කලා­පයේ සිය ආධි­ප­ත්‍යය පතු­රුවා හැරි­යේය. මැද­පෙ­ර­දිග කලා­පයේ අමෙ­රි­කානු සහ සෞදි අරාබි අව­ශ්‍ය­තා­වන්ට ප්‍රබල අභි­යෝ­ග­යක් එල්ල කළේය. ඊශ්‍රා­ය­ලය සමඟ තිබූ සියලු සම්බ­න්ධතා අත්හැර දැමු­වේය. ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ලය වසා දමා එහි පාල­නය පල­ස්තීන විමුක්ති සංවි­ධා­නය වෙත භාර දුන්නේය. ඉරාන- ඊශ්‍රා­යල විර­ස­කයේ ආර­ම්භය එය විය. හෙස්බුල්ලා සංවි­ධා­න­යෙන් හා යේම­නයේ හවුති කැරැ­ලි­ක­රු­ව­න්ගෙන් එල්ල වන තර්ජ­නය ඉරා­නයේ අව­ශ්‍ය­තාව මත සිදු­වන බවට ඊශ්‍රා­ය­ලය චෝදනා කිරී­මට මේ විර­ස­කය බලපෑ අතර, ඉරා­නයේ කමේනි රජය බිඳ වැටි­මෙන් පසු දෙරට අතර නැවත සාමය උදා­වනු ඇතැයි ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු මෑත­කදී ප්‍රකාශ කර තිබිණි.

ත්‍රස්ත­වා­දය හෙළා දැකීම

අලි කමේ­නිගේ පාලන තන්ත්‍රය සම්බ­න්ධව බට­හිර ආක­ල්පය කෙසේ වුවත් ඔහු ගෝලීය ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව හඬ නැඟූ මැද­පෙ­ර­දිග ප්‍රබ­ල­තම නාය­කයා බව අවි­වා­දි­තය. 2001 සැප්තැ­ම්බ­රයේ අල් කයිඩා සංවි­ධා­නය එල්ල කළ නිව්යෝර්ක් ප්‍රහා­රය ඔහු දැඩි ලෙස හෙළා දුටු­වේය. ලොව පුරා ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව මැදි­හ­ත්විය යුතු බවත්, ගෝලීය ත්‍රස්ත­වා­දය තුරන් කළ යුතු බවත් අලි කමේනි අව­ධා­ර­ණය කර තිබිණි. එහෙත් අමෙ­රි­කාව ඇතුළු නේටෝ හමු­දාව ඇෆ්ග­නි­ස්තා­නය ආක්‍ර­ම­ණය කිරීම ඔහුගේ දැඩි විවේ­ච­න­යට හේතු විය. සමූල ඝාතන විනා­ශ­කාරී සිදු­වීම් බවත්, ඒවා ලොව කොතැ­නක කවු­රුන් විසින් සිදු කළද, හෙළා දකින බවත් අලි කමේනි තර­යේම ප්‍රකාශ කර තිබිණි.

සාහි­ත්‍ය­යට පෙම්බැඳි නාය­ක­යෙක්

මැද­පෙ­ර­දිග කලා­පයේ බල­වත්ම රාජ්‍ය නාය­ක­යකු ලෙස අති­ශය කීර්ති­යට පත්වූ­වද අලි කමේනි ගත කර­මින් සිටියේ ඉතා සාමාන්‍ය දිවි පෙවෙ­තකි. හෙතෙම සුඛෝ­ප­භෝගී ජීවිත රටාව ප්‍රිය නොකළ අතර, විවේ­කය ගත කරනු ලැබුවේ ඔහු සතු ගෙවත්තේ සාමාන්‍ය වැඩ­ක­ට­යු­තු­වල නිර­ත ­වෙ­මිනි. ඔහු කවි­යට සහ නව­ක­තා­වට අති­ශ­යින්ම ආශ­ක්තව සිටි බව ද වාර්තා වේ. ඔහු කුරා­ණය පාරා­ය­ණය කිරී­මට අම­ත­රව ලියෝ ටෝල්ස්ටෝයි වැනි ලෝක ප්‍රකට සාහි­ත්‍ය­ධ­ර­යන්ගේ කෘති කියැ­වී­මට රුචි­යක් දැක්වූ අතර, වික්ටර් හියු­ගෝගේ ලෙස් මිස­ර­බල්ස් (මනු­තා­පය) ඉති­හා­සයේ හොඳම කෘතිය බව වරක් කීවේය. ඉරා­නයේ මෂ්ෂාද් නග­රයේ ආග­මික පවු­ල­කට අයත් කාන්තා­වක වූ මන්සූරා කොජෙස්ටේ සමඟ විවාහ වී සිටි අලි කමේනි පුතුන් සිවු­දෙ­න­කුගේ සහ දිය­ණි­යන් දෙදෙ­න­කුගේ පියෙකි.

ඉරාන නාය­ක­යාගේ මර­ණය අනා­ගත ඉරා­න­යට තීර­ණා­ත්මක සාධ­ක­යක් වුවද, යුද ගැටුම් අඛ­ණ්ඩව සිදු­ වෙ­මින් පව­තින බැවින් ඒ පිළි­බඳ පුරෝ­ක­ත­නය කිරී­මට තව­මත් වේලා­සන වැඩිය. එහෙත් මේ ඛේද­ජ­නක මර­ණය ඉරා­නය පම­ණක් නොව මැද­පෙ­ර­දිග කලා­ප­යම අපැ­හැ­දිලි භුගෝ­ලීය දේශ­පා­ල­නික සිති­ය­මක් නිර්මා­ණය කිරී­මට හේතු­වනු ඇතැයි ජාත්‍ය­න්තර දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන්ගේ අද­හස වී තිබේ. ඔහුගේ මර­ණ­යෙන් පසු එරට නව උත්ත­රී­තර නාය­ක­යෙක් තෝරා පත්ක­ර­ගන්නාතුරු ජනා­ධි­පති මසුඩ් පෙසෙ­ෂ්කි­යන් ද ඇතු­ළත් අන්ත­ර්වාර කවු­න්සි­ල­යක් රටේ පාල­නය භාරව කට­යුතු කරන බව ඉරාන රජය ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කළේය.

ෆවුස් මොහො­මඩ්