Rebuilding Sri Lanka’ අරමුදල නීත්‍යනුකූලව ස්ථාපිත අරමුදලක් විය යුතු බවත් එබැවින් එය ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. මීට පෙරද ඔහු මෙලෙස පැවසීය.
“මෙය නිසි විනිවිදභාවයකින් යුතුව කළ යුතුයි. මගේ මතය අනුව, රජය පමණක් සියල්ල කරන්න අවශ්‍ය නැහැ. රජයට සහ පෞද්ගලික අංශයට දායක විය හැකියි. පෞද්ගලික අංශයට කළ හැකි දේ කරන්න ඉඩ දෙන්න ඕනේ, පෞද්ගලික අංශයට කළ නොහැකි දේ රජය විසින් හසුරුවන්න ඕනේ.හෙල්පින් හම්බන්තොට’ වැනි අරමුදල් නිසි නීතිමය පදනමක් නොමැතිව අපට නිර්මාණය කරන්න බැහැ. මෙවැනි දෙයක් කරන්න නම් එය පාර්ලිමේන්තුවට ගෙනැවිත් අනුමත කළ යුතුයි. එය තවමත් කරලා නැහැ. ‘Rebuilding Sri Lanka’ අරමුදල පාර්ලිමේන්තුව හරහා වහාම ස්ථාපිත කළ යුතුයි.ලබන වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා අපි රුපියල් බිලියන 1,400ක් වෙන් කර තිබෙනවා – මාර්ග සහ රෝහල් ඉදිකිරීම වැනි දේවල් සඳහා. සුළි කුණාටුවෙන් සිදු වූ හානිය නිසා, නැවත වෙන් කිරීමට අරමුදල් තිබෙනවා. අපට අලුතින් මුදල් සොයා ගැනීමට අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. කොහොම වුණත් , නිවාස පිරිසිදු කිරීම සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් වගේ එදිනෙදා වියදම් තිබෙනවා, ඒ සඳහා රුපියල් බිලියන 500ක පමණ අමතර වියදම් අවශ්‍ය වෙයි. එය කළමනාකරණය කරගන්න පුළුවන්.”
යැයි හෙතෙම පවසයි.