පානදුරට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නවතා තිබියදී කොළඹ වරාය වෙත රැගෙන ආ ඉරාන IRIS BUSHEHR නෞකාවේ ඉරාන ජාතික නාවික සෙබළුන් 15කින් යුත් පිරිසක් එහි ආරක්ෂාව සඳහා තවමත් රැඳී සිටින බව පොලීසිය කියයි
IRIS BUSHEHR නෞකාවේ ඉරාන ජාතික නාවික හමුදා සෙබළුන් 219 ක් සිටි අතර නෞකාවේ සහ නාවික සෙබළුන්ගේ අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමෙන් පසු හදිසි තත්ත්වය හා අනාරක්ෂිතභාවය සැලකිල්ලට ගෙන IRIS BUSHEHR නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික සෙබළුන් සහ නාවික හමුදාවට අයත් යාත්‍රා යවා ඉකුත් 05 වැනි දින රාත්‍රී කොළඹ වරාය බණ්ඩාරනායක පර්යන්තයේ අංක හතර පර්යන්තය වෙත රැගෙන එන ලදි
එහිදී නෞකාවේ සිටි ඉරාන නාවික හමුදා සෙබළුන් 204කට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ප්‍රථමාධාර සහ අවශ්‍ය ආහාරපාන ලබාදී වැලිසර නාවික හමුදා කඳවුර වෙත පිටත් කර හරිනු ලැබීය
ඔවුන් සියලුම දෙනා පිරිමි පුද්ගලයන්ය
2026 පෙබරවාරි මස 15 වැනි දින සිට 25 වැනි දින දක්වා ඉන්දීය නාවික හමුදා විසින් යුද්ධ නෞකා අභ්‍යාසයක් පවත්වා ඇති අතර, ඒ සඳහා ඉරාන රජයට අයත් යුද්ධ නෞකා තුනක් සහභාගි වී ඇතැයි පොලීසිය කියයි
මෙම යුද්ධ නෞකා අභ්‍යාස අවසන් වීමෙන් පසු ඉරානය බලා පිටත්වීමට සූදානම් වන අවස්ථාවේදී ඇමරිකාවේ සහ ඊශ්‍රායලය එක්ව ඉරාන රජයට එල්ල කරන ලද යුද්ධ ප්‍රහාර හමුවේ ඉන්දීය යුද්ධ අභ්‍යාසයට පැමිණි ඉරාන රජයට අයත් IRIS DENA නෞකාව ටෝපිඩෝ ප්‍රහාරයකට ලක් විය
එම ප්‍රහාරයෙන් ඉරාන නාවික භටයන් 84 දෙනකු මියගිය අතර 32 දෙනකුගේ දිවි බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවට හැකි විය. තවත් ඉරාන නාවික භටයන් රැසක් අතුරුදන් විය.
IRIS BUSHEHR නම් නෞකාව අනාරක්ෂිත තත්ත්වයට පත්විය. ඉරාන රාජ්‍යයට අයත්ව තිබූ අනෙක් නෞකාව ඉන්දියාවේ වරායක් වෙත පිටව ගොස් තිබිණි
IRIS BUSHEHR නෞකාව ඇන්ජිමක ඇතිවී තිබූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිකුණාමල වරාය වෙත ගෙනයෑමට නොහැකිව ඊයේ (08) වන විටත් කොළඹ වරායේ නවතා තබා තිබිණි
එම සිදුවීම සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 06 අධිකරණයටද කරුණු වාර්තා කිරීමටද නියමිතය.