හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නඩු පැවරීමට පෙර, නිල වශයෙන් තොරතුරු ලබාගැනීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සුදානම්වන බව පැවසේ.ඒ පිළිබදව තොරතුරු විමසා කොමිෂන් සභාව මහබැංකුව වෙත ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ.
එම කොමිෂන් සභාව විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී තාක්ෂණීක හේතු කිහිපයක් මත මීට පෙර ගොනුකර තිබුණු අධිචෝදනා ඉල්ලා අස්කරගෙන නැවත ගොනු කිරීමට අපේක්ෂා කර තිබූ අතර,එම අවස්ථාවේදී කබ්රාල් නිදොස් කොට නිදහස් කළ බවට ව්‍යාජ ප්‍රචාරයක් කිරීමට පිරිසක් සැලසුම් කර තිබුණු නිසා, එයට ප්‍රතිචාර ලෙස දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ කොන්දේසි දමා නඩුව ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම තීන්දු කර තිබිණි.
මේ අතර,තමා ග්‍රීක බැඳුම්කර නඩුව සම්බන්ධයෙන් රුපියල් බිලියන 1.84 ක් ගෙවා ඇති බවට පළව ඇති සමාජ මාධ්‍ය වාර්තා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රතික්ෂේප කර තිබේ.කබ්රාල් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, රුපියල් 1,843,267,595.65ක් තැන්පත් කළ යුතු බවට වූ කොන්දේසියට එකඟ නොවන බවත්, ඔහුගේ නිර්දෝෂීභාවය පවත්වාගෙන යන බවත්ය.