පුරා­විදු උරු­මයේ නිවී ගිය මිණි පහන

1 1

ශ්‍රී ලංකාවේ ප්‍රකට පුරා­වි­ද්‍යා­ඥ­යකු මෙන්ම හිටපු පුරා­විද්‍යා කොම­සා­රි­ස්ව­ර­ය­කුද වූ විද්‍යා­ජෝති ආචාර්ය රාජා ද සිල්වා පසු­ගිය පෙබ­ර­වාරි 23 දා දැයෙන් සමු ගත්තේය. මිය යන විට ඔහුගේ වයස අවු­රුදු 102ක් විය. මෙරට ජාතික උරු­මය සුර­ක්ෂිත කෙරු­මට, පුරා­විද්‍යා ස්ථාන ස්මාරක ආරක්ෂා කෙරු­මට පම­ණක් නොව; සිංහල සංස්කෘ­තික අභි­මා­නය සාක්ෂාත් කර­ගැ­නු­මට ඔහු දැක්වූ දාය­ක­ත්ව­යද සුවි­සල්ය. සැබෑ ශ්‍රී ලාංකි­ක­යන් ලෙස අපට එවැනි යුග පුරු­ෂ­යන්ගේ මෙහෙ­වර උත්කෘ­ෂ්ට­ත්ව­යට නොනඟා සිටිය නොහැ­කිය.

1924 වසරේ අගොස්තු 4 දින උපත ලබා ඇති ඔහුට තැබුණු නම රාජේන්ද්‍ර හේම­පාල විය. පිරිමි දරු­වන් 6 දෙනෙකු සහ ගැහැනු දරු­වකු සිටි පවු­ලක හත­ර­වැනි පිරිමි දරුවා වූයේ ඔහුය. ඔහුගේ පියා වෛද්‍ය වෝල්ටර් තෝමස් ද සිල්වා වූ අතර මව වූයේ මංගලා ජය­වි­ක්‍රම යි.

කොළඹ රාජ­කීය විද්‍යා­ල­යෙන් අධ්‍යා­ප­නය ලැබූ ඔහු උසස් අධ්‍යා­ප­නය හැදෑ­රුවේ විද්‍යා විෂ­ය­න්ගෙන් වීම විශේ­ෂ­ත්ව­යකි. එහි සැබෑම වාසිය අත්වූයේ මෙරට පුරා­වි­ද්‍ය­ව­ටය. ලංකා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් රසා­යන විද්‍යාව පිළි­බඳ විද්‍යා­වේදි උපා­ධිය (1946) ලැබ පසුව 1947 දී ලන්ඩන් විශ්වවිද්‍යා­ල­යෙන් ද තවත් විද්‍යා­වේදී උපා­ධි­යක් හිමි කර­ගත්තේ ඒ අනු­වය.

එසේම බ්‍රිතා­න්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් කලාව ඉති­හා­සය සහ එහි තාක්ෂ­ණික අංශ පිළි­බඳ පර්යේ­ෂණ සිදු කර­මින් සිය ආචාර්ය උපා­ධිය (PHD) ද හිමි කර­ග­ත්තේය. 1951 වසරේ සිට වසර දෙකක කාල­යක් ඉන්දීය පුරා­විද්‍යා සමී­ක්ෂණ ආය­ත­නය (Archaeological Survey of India) හරහා පුරා­විද්‍යා කැණීම් සහ ගවේ­ෂණ පිළි­බඳ විශේෂ පුහු­ණු­වක් ලබා­ග­ත්තේය. මෙරට පුරා­විද්‍යා ක්ෂේත්‍රයේ අත්‍ය­වශ්‍ය යුග­යක විෂය ක්ෂේත්‍රයේ උපරි තල­යට පත් ප්‍රායෝ­ගික විද්ව­තකු ලෙස ඔහුගේ ප්‍රවේ­ශ­වීම ‌ඓතිහා­සික ආග­ම­න­යක් විය. ‌

වර්ෂ 1949 දී ඔහු පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වට සහ­කාර කොම­සා­රි­ස්ව­ර­යකු ලෙස සම්බන්ධ විය. එම දෙපා­ර්ත­මේ­න්තුවේ විද්‍යා­ත්මක (රසා­යන විද්‍යාව) පසු­බි­මක් ඇති පළමු පුද්ග­ලයා සහ එයට පත් කරන ලද පළමු රසා­ය­න­ඥ­යාද ඔහු විය. ඔහු සංර­ක්ෂ­ණය කෙරෙහි අව­ධා­නය යොමු කර අව­ශ්‍යම රසා­ය­නා­ගා­ර­යක්ද ස්ථාපිත කළේය.

විශේ­ෂ­යෙන් පුරාණ විහාර සිතු­වම් සහ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සඳහා ඉන් ඉටු වුයේ විශාල මෙහෙ­ව­රකි. ඉන් පසුව 1967 සිට 1979 දක්වා මෙරට පුරා­විද්‍යා කොම­සා­රිස් ධුරය හොබ­ව­මින් ලාංකේය ඉති­හා­ස­ගත උරුමය අනා­ග­තය වෙනු­වෙන් ලොවට දායාද කර දීමේ සුවි­ශේෂ මෙහෙ­යක් ඉටුකර තිබේ. ඔහු වඩාත් කතා­බ­හට ලක් වූයේ සීගි­රිය සම්බ­න්ධ­යෙනි. 1967 ඔක්තෝ­බර් 14 දා කිසි­යම් කඩා­ක­ප්ප­ල්කා­රි­යකු විසින් සිගි­රියේ බිතු සිතු­ව­ම්ව­ලට හානි කිරීම නිසා මෙරට උත්ත­රී­තර පුරා­විද්‍යා උරු­මය විනාශ වන්නට යෑමය. ඒ අනුව ගත හැකි ඉහ­ළම පිය­වර ගනි­මින් ඉතාලි ජාතික ලුසි­යානෝ මරන්සි (Luciano Maranzi) සමඟ එක්ව එම ලෝක උරුම චිත්‍ර සංර­ක්ෂ­ණය කිරීම සඳහා එදා දැඩි පරි­ශ්‍ර­ම­යක් ගෙන කට­යුතු කළේ ඔහුය.

ඒ සඳහා යුනෙස්කෝ (UNESCO) ආය­ත­නයේ සහය ඇතිව ඉතාලි ජාතික විශේ­ෂඥ ලුසි­යානෝ මරන්සි ලංකා­වට පැමිණි අතර, ඔහුට ශක්ති­යක් වෙමින්, මෙම මුළු මෙහෙ­යු­මේම ශ්‍රී ලාංකේය නිය­මුවා ලෙස කට­යුතු කළේ එව­කට සහ­කාර පුරා­විද්‍යා කොම­සා­රි­ස්ව­රයා වූ රාජා ද සිල්වාය. මේ කර්ත­ව්‍ය­යේදී එව­කට පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ සැල­සුම් අංශයේ සේවය කළ, පසුව සහකාර කොම­සා­රි­ස්ව­ර­ය­කුද වූ එස්.එම්. සෙනෙ­වි­ර­ත්නද ලුසි­යානෝ මරන්සිට සහය විය.

මරන්සි සිතු­වම් ප්‍රති­සං­ස්ක­ර­ණයේ තාක්ෂ­ණික ශිල්පීය කට­යු­තු­වල නිරත වන විට, ඒ සඳහා අවශ්‍ය රසා­ය­නික විශ්ලේ­ෂ­ණය සැප­යූවේ ආචාර්ය රාජා ද සිල්වා ය.

සීගිරි සිතු­ව­ම්වල රසා­ය­නික සංයු­තිය පිළි­බඳ ඔහු සතුව තිබූ හසළ දැනුම නොව­න්නට, මේ ප්‍රති­සං­ස්ක­ර­ණය සාර්ථක වීමට ඉඩක් නොති­බිණි. මෙය අති­ශය සංකීර්ණ විද්‍යා­ත්මක හා රසා­ය­නික මෙහෙ­යු­මක් විය. පස්වැනි සිය­ව­සට අයත් මේ ලෝක උරු­මයේ පැවැත්ම තීර­ණය වූයේ, ඒ යටින් ඇති පැරණි ස්වාභා­වික වර්ණ­ක­ව­ලට හානි නොවන සේ මතු­පිට තැව­රුණු නවීන කාර්මික සායම් ඉවත් කිරීමේ සාර්ථ­ක­ත්වය මතය.

ආචාර්ය රාජා ද සිල්වා යනු හුදෙක් නිල­ධා­රි­යෙක් පම­ණක් නොවීය. ඔහු සීගි­රිය ගැන ‘Sigiriya: Using the Evidence’ වැනි වටිනා ග්‍රන්ථ රචනා කර, සීගිරි සිතු­වම් ‘ෆ්‍රෙස්කෝ සීකෝ’ ක්‍රම­යට ඇඳ ඇති බව විද්‍යා­ත්ම­කව තහ­වුරු කළ විද්ව­තෙකි. එසේම ඔහු සීගි­රිය සිතු­වම් සම්බ­න්ධ­යෙන් නව මත­යක් එළි­දැ­ක්වී­ම විශේ­ෂ­ත්ව­යකි. ඔහුගේ මතය වූයේ ඉන් නිරූ­ප­ණය වනුයේ තාරා දෙව­ඟ­නගේ රූපය බවයි. මීට අම­ත­රව ඉබ්බ­න්ක­ටුව සහ පොම්ප­රිප්පු කැණීම් මුල්ව­රට කර­මින් ප්‍රාග් ඓති­හා­සික යුග­යට අයත් මෙග­ලි­තික සුසාන භූමි පිළි­බ­ඳව මුල්ව­රට ගවේ­ෂ­ණය කර එම ඉති­හා­සය ලොවට හෙළි කිරී­මට ඔහු ක්‍රියා කිරී­මද විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතුය. පසු­කා­ලීන පුරා­වි­ද්‍යා­ඥ­යන්ට බොහෝ වැද­ගත් වූ පුරා­විද්‍යා ස්ථාන රැසක් ඔහුගේ අව­ධා­න­යට හා අධී­ක්ෂ­ණ­යට ලක්ව තිබීම ඒවායේ විද්‍යා­ත්මක සනාථ කිරී­ම්ව­ලට බෙහෙ­වින් ඉව­හල් විය. ඉබ්බ­න්ක­ටුව සොහොන් බිම ප්‍රථම වරට හඳු­නා­ගනු ලැබුවේ 1970දී වන අතර එහි මූලික පර්යේ­ෂ­ණය එව­කට පුරා­විද්‍යා කොම­සා­රිස් ආචාර්ය රාජා ද සිල්වා විසින් සිදු කරන ලදි. 1982දී සංස්කෘ­තික ත්‍රිකෝණ වැඩ­ස­ට­හන යටතේ මේ ස්ථානය කැණීම් කරන ලද අතර, ඔහු විල්ප­ත්තුවේ පොම්ප­රිප්පු නමින් තවත් මෙග­ලි­තික ස්ථාන­යක්ද කැණීම් කළේය.

පුරාණ බිතු සිතු­වම් සංර­ක්ෂ­ණ­යෙ­හිලා සීගි­රි­යට අම­ත­රව මෙරට විවිධ පුරා­විද්‍යා ස්ථාන­වල කළ සංර­ක්ෂණ කට­යුතු ප්‍රාමා­ණි­කව සුවි­සල්ය. දෙගල්දො­රුව වැනි ස්ථාන එහිදී අනි­වා­ර්ය­යෙන්ම පෙන්වා­දිය හැකිය.

ආචාර්ය රාජා ද සිල්වා ඍජු චරි­ත­යක් විය. ඔහු පුරා­විද්‍යා උප­දේ­ශක සභාවේ සාමා­ජි­ක­යකු ලෙස කට­යුතු කළ අතර බොහෝ සාමා­ජි­ක­යන් කට­හඬ අවදි නොකළ තැන ඔහු සිය අද­හස් නොව­ළහා ප්‍රකාශ කළේය. තවද ඔහු දක්ෂ පාල­ක­යෙක් විය.

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ රාජ­කාරි කට­යුතු අප­ක්ෂ­පා­ති­වත් ඍජු­වත් ඉටු කිරීම සම්බ­න්ධ­යෙන් අද­ටද දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් ප්‍රශංසා මුඛ­යෙන් කතා කරන්නේ ඒ නිසාය.

පුරා­විද්‍යා ක්ෂේත්‍ර කට­යු­තු­ව­ලදී ඔහුගේ කරෙහි නිත­රම පාහේ කැම­රා­වක් තිබූ අතර ක්ෂේත්‍රයේ ඔහු කළ කට­යුතු කට­හඬ අවදි කොට පටි­ගත කිරී­මට ඔහු පුරු­දුව සිටි­යේය. ඔහු දිව­යින මුළුල්ලේ කළ ගවේ­ෂණ කැණීම් සහ සංර­ක්ෂණ ප්‍රමා­ණය අති­වි­ශා­ලය. විද්‍යා­ත්මක ක්‍රම­ව­ලින් එම පුරා­විද්‍යා අධ්‍ය­යන කැණීම් හා ගවේ­ෂණ සිදු කිරී­මට ඔහුගේ එකී දැනුම් සම්භා­රය හා ක්ෂේත්‍ර­ගත ප්‍රායෝ­ගි­ක­ත්ව­යද ඉව­හල් විය. 2024 අගෝස්තු 4 දින 100 වැනි උප­න්දි­නය සැමරූ විද්‍යා­ජෝති ආචාර්ය රාජා ද සිල්වා 101 වැනි විය පසු කර­මින් සිටි­යදී අප අත­රින් වියෝ වූයේ කිසිදා පිර­විය නොහැකි හිඩැ­සක් මෙරට පුරා­විද්‍යා හා සංස්කෘ­තික ක්ෂේත්‍ර­යට ඉතිරි කර­මිනි.

All Weekend Papers 800 450 96

නොබි­යව කතා කළ පුරා­වි­ද්‍යා­ඥයා

රාජා ද සිල්වා යනු පුරා­විද්‍යා ක්ෂේත්‍රයේ අති­ශය සම්භා­ව­නා­වට පත් වුණු විද්ව­තෙකි. ඔහු ලංකාවේ තෙවැනි දේශීය පුරා­විද්‍යා කොම­සා­රි­ස්ව­රයා විය. ආචාර්ය උපා­ධිය සඳහා ලංකාවේ කලා ඉති­හා­සය පිළි­බඳ තාක්ෂ­ණික පසු­බිම සිය ආචාර්ය උපාධි නිබ­න්ධ­න­යෙන් ඔහු එළි­දැ­ක්වීය. 1940 වස­රේදී ඔහු රසා­යන විද්‍යාව පිළි­බඳ සහ­කාර කොම­සා­රි­ස්ව­රයා ලෙස ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ සේව­යට එක් වුණේය. ඒ අනුව ඔහු දෙපා­ර්ත­මේ­න්තුවේ විද්‍යා­ත්මක කාර්ය­භා­රය දැරූ පළ­මු­වැනි නිල­ධ­රයා බවට පත් විය.

මහා­චාර්ය සෙන­රත් දිසා­නා­යක හිටපු පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් සහ 
කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ 
පුරා­වි­ද්‍යාව පිළි­බඳ මහා­චාර්ය

මහා­චාර්ය සෙන­රත් දිසා­නා­යක
හිටපු පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් සහ
කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ
පුරා­වි­ද්‍යාව පිළි­බඳ මහා­චාර්ය

ආචාර්ය රාජා ද සිල්වා පැරණි ලංකාවේ විහාර බිතු­සි­තු­වම් සංර­ක්‍ෂ­ණය සම්බ­න්ධ­යෙන් විශේෂ උන­න්දු­වක් දැක්වූ අයෙකි. 1967 සිට 1979 දක්වා වසර දොළ­හක් ඔහු ශ්‍රී ලංකාවේ පුරා­විද්‍යා කොම­සා­රි­ස්ව­රයා ලෙස කට­යුතු කළේය. දිව­යින මුළුල්ලේ සංච­ර­ණය කර­මින් ඔහු කැණීම් ගවේ­ෂණ සහ සංර­ක්ෂණ කට­යු­තු­වල නියැ­ළු­ණේය. පුරා­විද්‍යා උප­දේ­ශක සභාවේ ක්‍රියා­ශීලි සාමා­ජි­ක­යකු ලෙස ඔහු­ගෙන් ඉටු වූ කාර්ය­භා­ර­යද අන­ල්පය.

රාජා ද සිල්වා ඍජු චරි­ත­ය­කින් යුක්ත පුරා­වි­ද්‍යා­ඥ­යකු ලෙස පුරා­විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රච­ලි­තය. වෘත්තී­ය­වේ­දි­යකු ලෙස ඔහුගේ කැපී­පෙ­නුණු විශේ­ෂ­ත්වය වූයේ ඇතැම් සාමා­ජි­ක­යන් කට­හඬ අවදි නොකළ තැන ඔහු නොව­ළහා සිය අද­හස් ප්‍රකාශ කිරී­මය.

ඔහු විසින් ප්‍රකා­ශ­යට පමු­ණු­වන ලද ග්‍රන්ථ අත­රින් මෑතම ග්‍රන්ථය සැක­සුණේ සීගි­රිය සිතු­වම් අල­ළාය. එහිදී සීගිරි සිතු­වම් පිළි­බ­ඳව නව මත­යක් එළි දක්ව­මින් ඒවා­යින් නිරූ­ප­ණය වන්නේ තාරා දෙව­ඟන බව ඔහු ප්‍රකා­ශ­යට පත් කළේය. 1967 වර්ෂ­යේදී සීගි­රිය බිතු සිතු­ව­ම්ව­ලට තීන්ත ප්‍රහා­ර­යක් එල්ල කිරී­මෙන් සහ එහි චිත්‍ර දෙකක් වනසා දැමී­මෙන් වික්ෂෝ­භ­යට පත් ඔහු ඉතාලි ජාතික ලුසි­යානෝ මරන්සි සමඟ එක් වෙමින් ඒවා සංර­ක්ෂ­ණ­යට පිය­වර ගත්තේය.

ආචාර්ය රාජා ද සිල්වාගේ අභා­වය ශ්‍රී ලාංකේය පුරා­විද්‍යා ක්ෂේත්‍ර­යට මැකිය නොහැකි අඩු­පා­ඩු­වකි.