තව ඖෂධ දහයකට වැට

medici

ඔන්ඩෙ­ස්ට­රෝන් අයි.වී. නික්ෂේ­පණ 85,000ක් භාවි­ත­යෙන් ඉවත් කිරී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය තීර­ණය කොට ඇත. නිසි ටෙන්ඩර් කැඳ­වී­ම­කින් යුතුව මෙම ඔන්ඩෙ­ස්ට­රෝන් අයි.වී. නික්ෂේ­පණ 1,450,000ක තොග­යක් මෙර­ටට ගන්වා ඇති බව වෛද්‍ය සැප­යීම් අංශයේ අධ්‍යක්ෂ දේදුනු ඩයස් මහතා පැව­සීය.

මෙම ඖෂ­ධය නිෂ්පා­ද­නය කරන අදාළ සමා­ග­මෙන් නිෂ්පා­ද­නය කරන අනෙ­කුත් එන්නත් වර්ග 10ක් ද මේ වන විට භාවි­ත­යෙන් අත්හි­ටු­වී­මට තීර­ණය කළ බව ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය ආනන්ද විජේ­වි­ක්‍රම මහතා පැව­සු­වේය.

ඔන්ඩෙ­ස්ට­රෝන් අයි.වී. නික්ෂේ­පණ ඖෂ­ධය නිසා මරණ දෙකක් සිදු වූ බවට පසු­ගි­යදා වාර්තා කිරීම් සිදු වුව ද, මෙම ඖෂ­ධය අත්හි­ටු­වී­මට හේතුව එම මරණ නොවන බව ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය ආනන්ද විජේ­වි­ක්‍රම මහතා අව­ධා­ර­ණය කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ පැවති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (17) ප්‍රකාශ කළේය. අදාළ මර­ණ­ව­ලට හේතුව සොයා­ගැ­නීම් සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ තව­මත් සිදු කර­මින් තිබෙන බව ද ඒ මහතා පැව­සු­වේය.

අදාළ මරණ සිදු වූයේ 13 සහ 14 වැනි දින­ව­ලදී වන අතර එම මරණ සිදු වීමට පෙර මෙම ඖෂ­ධය 12 වැනිදා භාවි­ත­යෙන් අත්හි­ටු­වී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය තීර­ණය කළ බව ද විජේ­වි­ක්‍රම මහතා පැව­සු­වේය.