ජනපති අද පාර්ලිමේන්තුව අමතයි

the rise of anura kumara dissanayake

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

පසුගිය 17 වැනිදා සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව තහවුරු කළේය.

විපක්ෂයේ පක්ෂ නායකයින් සමගද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.