එළඹෙන අප්‍රේල් මාසය අවසානය දක්වා මෙරටට අවශ්‍ය ඉන්ධන ඇණවුම් සියල්ල මේ වන විට ස්ථීර කර අවසන් බව ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේය. අප්‍රේල් මාසයට අදාළ ඉන්ධන නැව් 5ක ඇණවුම් පෙරේදා (18) ස්ථීර කර ඇති බවද ඒ මහතා පැවසීය.
අලුතින් සිදු කළ ඇණවුම් සමඟ අප්‍රේල් මස අවසානය දක්වාම අඛණ්ඩව ඉන්ධන සංචිත ලැබෙමින් පවතින බවද ඔහු පැවසීය. ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවට සංස්ථාව සහතික වන බවද ඔහු කීය. ජාතික ඉන්ධන බලපත්‍රය (QR) පද්ධතිය සම්බන්ධයෙන් පැවති තාක්ෂණික දෝෂ මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව ද අධ්යක්ෂවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම මීට පෙර පැරණි කෝටාවන් සම්බන්ධයෙන් ගැටලු පැනනැඟුණු පුද්ගලයන්ගේ ගැටලු ද මේ වන විට නිරාකරණය කර ඇති බවද කීය.